රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීම මුල්කරගෙන අද දින පාර්ලිමේන්තුවේ සරත් ෆොන්සේකා මහතා සහ චමල් රාජපක්ෂ මහතා අතර ඇතිවූ ගැටුමේ වීඩියෝව මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.
මෙහිදී සරත් ෆොන්සේකා මහතා තම මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට එවක පැවැති ආණ්ඩුව කටයුතු කළ ආකාරයත්, එවක කතානායකවරයා ඊට සම්බන්ධ වූ ආකාරයත් පිළිබද පැහැදිලි කරද්දී එවක කතානායකවරයා වූ චමල් රාජපක්ෂ මහතා ඊට පිළිතුරු දීමට යාමෙන් මෙම උණුසුම මතුවිය.
මෙහිදී තමුසේ-බූරුවා යන වචනද හුවමාරු වූ අතර චමල් හා ෆොන්සේකා ගුටි ඇන ගැනීම සදහා අභියෝග කරන ආකාරයක්ද දැකගත හැකි විය.










