මේ වන විට මෙරට ළමුන් 1000කට වැඩි සංඛ්‍යාවක් කොරෝනා ආසාදිතව සිටින බවත්, එයින් 5දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.
එමනිසා වයස අවුරුදු 12න් ඉහළ දරුවන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාදීම ඉතා වැදගත් බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
ඉදිරියේ දී කොවිඩ් අවධානම දරුවන් අතර ශීඝ්‍රයෙන් පැතිර යා හැකි නිසාවෙන් දරුවන් ව එයින් මුදා ගැනීමට නම් ප්‍රතිශක්තිකරණ එන්නත් වඩා වැදගත් වන බව වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
“ඉදිරියේ දී ඇති වෙන මේ තුන්වන කොවිඩ් රැල්ල සමග ළමුන් අතර කොවිඩ් රෝගය ඉතා ශීඝ්‍රයෙන් පැතිරෙන්න පුළුවන්. අපි ගෙදරට ගෙන ගිය විට ළමුන්ට මෙය වැලඳෙනවා. එහිදී දරුවන් දරුණු රෝගී තත්ත්වයන්ට පත්වෙන්න පුළුවන්. ඊට අමතරව දරුවන්ට මරණය පවා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අප කළ යුත්තේ රෝගය වැළැක්වීම. ප්‍රතිශක්තිය පමණක් නෙමෙයි අපේ විනය තුළින් පවා රෝගය වළක්වා ගන්න පුළුවන්. “










