සිය සැමියා සමග බහින්බස්වීමක් දුරදිග යෑමෙන් සිත් තැවුලට පත් මවක් තම දරු දෙදෙනාද සමග ගෙවත්තේ ඇති ළිඳකට පැනීමෙන් මාස දෙකක් වයසැති කුඩා දියණිය මියගොස් ඇත.
ඊයේ (20 දා) අලූයම හතරට පමණ සිදුවූ මෙම සිද්ධියෙන් මියගියේ කොරතොට, තුන්අඳහේන ප‍්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.
අලූයම් කාලයේ නිවසේ ජනේලයෙන් පැනගොස් සිය දරුවන් දෙදෙනාද සමග ඇය ළිඳට පැන ඇති අතර ස්වාමියා විමසිලිමත් වීමෙන් මොවුන් ළිඳට පැන ඇති බව දැනගෙන ඇත.
ඔහු වහාම ක‍්‍රියාත්මක වී ළිඳට පැන අවුරුදු දෙකක් වයස පුතා සහ බිරිඳ බේරාගෙන ඇතත්, කුඩා බිළිඳිය අතුරුගිරිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.










