දිනෙන් දින ඉහළ යමින් පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය සදහා කඩිනමින් අවශ්‍ය කරන ද්‍රව්‍ය අඩංගු ලයිස්තුවක් කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය වෙත යොමුකර තිබේ.
එරට පදිංචි වී සිටින ශ්‍රී ලාංකීකයින්ගේ සහාය සහිතව මෙම ද්‍රව්‍යමය ආධාර සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබාගැනීම ඇයගේ අරමුණ වී තිබේ.
කෙසේවෙතත් මීට පෙරද අමාත්‍යවරිය ආධාර කරන ලෙසට ලොව පුරා සිටින ලාංකිකයන්ට ආරාධනා කරද්දී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සදහන් කර තිබුණේ ආණ්ඩුවට ඇති තරම් මුදල් ඇති බවත්, අමාත්‍යවරිය ආතතියෙන් යුතුව එම ප්‍රකාශය කර ඇති බවත්ය.
ඇය විසින් එම අවශ්‍යතාවයන් කවරේද යන්න සදහන් කරමින් යොමුකල ලිපිය පහතින් දැක්වේ.












