ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයා වූ තිලංග සුමතිපාල මහතා යළිත් වතාවක් ක්‍රිකට් ආයතනයට රිංගා ගැනීමට සැලසුම් කරමින් සිටින බව හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අනාවරණය කළේය.
මේ තත්ත්වය මත ක්‍රිකට් ක්‍රීඩාව බේරාගැනීමට සියලු දෙනාම එක් විය යුතු බවත්, එසේ නොවුණහොත් යළිත් වතාවක් ක්‍රිකට් ක්‍රීඩාව වළපල්ලට යෑම වැළැක්විය නොහැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් වහාම මැදිහත් වන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් තමා ඉල්ලා සිටින බවද ප්‍රනාන්දු මහතා සදහන් කර සිටියේය.










