දැනට රට ඇතුළේ මතුව ඇති කොරෝනා අවදානම හමුවේ රට හෝ යම් යම් ප්‍රදේශ සම්පූර්ණයෙන් වසා දැමීම සම්බන්ධයෙන් හෙට (23) දිනයේදී අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැත්වීමට නියමිත විශේෂ සාකච්ජාවකදීය.
මෙම සාකච්ජාවට විශේෂඥ වෛද්‍යවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, මැතිඇමැතිවරුන් ඇතුලු විශේෂ පිරිසක් සහභාගී වීමට නියමිතය.
කෙසේවෙතත් දැනටමත් විශේෂඥ වෛද්‍යවරුන් දැනුම් දී ඇත්තේ දැනට පවතින තත්ත්වය යටතේ රට යම්කිසි වසාදැමීමක් සිදු නොකළහොත් තත්ත්වය තවත් බරපතළ විය හැකි බවකි.
ඒ අනුව ඉදිරිපත්ව ඇති කරුණු සාකච්ජා කොට හෙට දිනයේදී ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.










