අද (14) සවස පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එජාප නියෝජ්‍ය නායකත්වය සදහා සිය මස්සිනා වන රුවන් විජයවර්ධන මහතා නම් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගතහොත් එම තනතුරට තරග වැදීමට රවී කරුණානායක සහ වජිර අබේවර්ධන යන මහත්වරුන් තීන්දු කර ඇත.
ඒ අනුව අවශ්‍ය නම් ජන්ද විමසුමකට මුහුණ දීමටද රවි කරුණානායක මහතා හා වජිර අබේවර්ධන යන මහත්වරුන් තීන්දු කර ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව අද සවස පැවැත්වීමට නියමිත එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඉතා උණුසුම්කාරී එකක් වනු ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි.