රාජ්‍ය ආයතන විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 2.5 ක් හෙවත් රුපියල් කෝටි 250කට ආසන්න විදුලි ගාස්තු ගෙවීමට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරියෙක් පැවසීය.
රෝහල්, අධ්‍යාපන ආයතන, යුද හමුදා කඳවුරු සහ පොලිස් ස්ථාන මෙම හිඟ මුදලින් වැඩි ප්‍රමාණයක් ගෙවීමට ඇති බව කී එම නිලධාරියා ඒවා අයකරගැනීමට කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලය ද රාජ්‍ය ආයතනයක් වීම නිසා එම රාජ්‍ය ආයතන විදුලි බිල නොවුවද විදුලිබලය විසන්ධි කිරීමේ හැකියාව ඉතාමත් අඩු බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.










