මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ දුක සැප විමසා බැලීම සදහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පෙරවරුවේ නවලෝක රෝහල වෙත යාමට නියමිතව ඇති බව වාර්තා වේ.
හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ රෝහල්ගත විය.
කෙසේවෙතත් අද පෙරවරු 10ට ඒ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දැනුම් දී ඇති අතර ඒ සදහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස මන්ත්‍රිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබිණ.










