• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හදිසියේම රුපියල නැගලා බැස්සේ කොහොමද? සංචිත ඩොලර් බිලියන 3කට නැගලාද? IMF වාරිකය ලැබුණාම ඔක්කොම හරිද? මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති විජයවර්ධන ඇත්ත කතාව කියයි!

March 19, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ඔළුවට-බඩට-මුළු ඇඟටම, වදින්න යන බදු ගැහිල්ල හරියට වදින විදිහ…
Share on WhatsAppShare on Facebook

පසුගිය දිනවල රුපියල් ශක්තිමත් වූ බවට ආණ්ඩුව ගෙන ගිය ප්‍රචාරයට පදනම සපයා ඇත්තේ මහ බැංකුව කෘතීම ලෙස විදේශ විනිමය වෙළඳපොළට බලපෑම් කිරීම බව ආර්ථික විශේෂඥයින් හෙළි කර තිබේ.

මේ අතරින් ප්‍රබල හෙළි කිරීමක් සිදු කර තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්ලිව්.ඒ විජේවර්ධන විසිනි.

ඒ මහතා රුපියල ඉහළ යාම පිළිබදවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිමිවීමට නියමිත ණය මුදල පිළිබදවත් අදහස් දක්වා තිබුණේ මෙසේය.

ඩොලරයේ වටිනාකම අඩු වී රුපියලේ වටිනාකම ඉහළ ගියේ කෘත්‍රිම ලෙස එය පාලනය කිරීමට තැත් කිරීම නිසාය. ආණ්ඩුවට වුවමනා වී තිබුණේ තම ප්‍රතිපත්ති සාර්ථක බව පෙන්වා රුපියලේ වටිනාකම ද ක්‍රමයෙන් ඉහළ යන බව ලෝකයට ප්‍රදර්ශනය කිරීමටය.

මූලික ආර්ථික සිද්ධාන්තවලට අනුකූල නොවුණත් රුපියලේ වටිනාකම ඉහළ නැංවීමට ආණ්ඩුව කටයුතු කළේ කෘත්‍රිම ලෙසය. එය අවාසිදායක බව මහ බැංකුවට තේරුණේ පසුවය.

භාණ්ඩ ආනයනය කරන පුද්ගලයන්ටත් පිටරටවලින් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා ලබාගන්නා පුද්ගලයන්ටත් වාසි වුණත් රටට ඩොලර් ගෙනෙන අපනයනකරුවන්ට පිටරටවල සේවය කරන ලාංකික ශ්‍රමිකයන්ට ලංකාවට පැමිණෙන සංචාරකයන්ට එය අවාසිය. එවිට අපට ඩොලර් ලැබෙන මාර්ග අවහිර වෙයි. ඒ බව තේරුම්ගත් පසුව මහ බැංකුව කළේ වෙළෙඳ පොළට මැදිහත් වී වෙළෙඳ පොළට වැඩිපුර නිකුත් කර තිබූ ඩොලර් ප්‍රමාණය මිලදී ගැනීමය. එමගින් රුපියලේ වටිනාකම ඉහළයාම වළක්වා රුපියලේ වටිනාකම යළිත් පහත වැටීමට සැලැස් වූයේ මහ බැංකුවය.

මහ බැංකුවේ සංචිත ඩොලර් බිලියන තුනක් දක්වා ඉහළ නැග ඇතැයි කියන කතාව අසත්‍යයකි. ඇත්තටම තිබෙන්නේ බිලියන 2.2ක් තරම් ප්‍රමාණයකි. ඉන් බිලියන 1.5ක්ම මුදල් හුවමාරු ක්‍රමය යටතේ චීනයෙන් ලැබුණු යුවාන් බිලියන 10කි. ඒ යුවාන් පාවිච්චි කළ හැක්කේ චීනයෙන් බඩු මිලදී ගැනීමට පමණකි. අනෙක් අතට ඒ යුවාන් පාවිච්චි කළ හැක්කේ ලංකා​ෙව් විදේශ සංචිත ප්‍රමාණය මාස තුනක ආනයන සඳහා ප්‍රමාණවත් වූ පසුවය. එය චීන කොන්දේසියකි. ඒ නිසා ඒ යුවාන් සංචිතවලට එකතු කිරීම නුසුදුසුය. එහෙත් මහ බැංකුව කියන බිලියන 2.2 ට ඒ යුවාන් ද එකතු කර තිබේ.

ඒ චීන යුවාන් බිලියන 10 අඩු කළ විට මහ බැංකුව සතුව තිබෙන සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 700ක් වෙයි. ඒ මිලියන 700 ඇතුළෙහිද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංචිත තිබේ. ඒවා අපට පාවිච්චි කළ නොහැකිය. එසේම රත්තරන් සංචිත ද පාවිච්චි කළ නොහැකිය. ඒ අනුව අපට පාවිච්චි කළ හැකි සැබෑ සංචිත ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 500ක් පමණ වෙයි. චීනයෙන් ලැබුණු යුවාන් බිලියන 10 සංචිතවලට ඇතුළත් කිරීම රටේ ජනතාව නොමඟ යැවීමකි. එහෙයින් ඒ වරද නිවැරැදි කළ යුතුය.

දැන් ලංකාව තමන් ගත් විදේශ ණය වාරික හෝ පොලිය නොගෙවයි. ණය වාරික හා පොලිය ගෙවීම යළි ආරම්භ කළ දාක ලංකාව යළික් අමාරුවේ වැටෙයි. දැඩි සීමා කිරීම්වලට යන්නට යළිත් සිදුවෙයි. සලාක ක්‍රමය යටතේ ඉන්ධන සැපයීමට සිදුවෙයි. රටින් භාණ්ඩ ආනයනය කිරීම තවත් සීමා කිරීමට සිදුවෙයි. සලාක හා පාලන ක්‍රම යළි පනවන්නට සිදුවෙයි. සියල්ලෙන් පෙනී යන්නේ අනාගතය ඉතා අඳුරුසහගත බවය. නැවතත් තෙල් පෝලිම්, ගෑස් පෝලිම් ඇතිවීමේ සම්භාවිතාව ඉහළය.

එළැඹෙන මාර්තු 20 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ලංකාවට සහන සලසන සැලැස්මට අනුමැතිය ලැබුණොත් අපටත් රටටත් සුළු සහනයක් සැලසෙයි. එහෙයින් ඒ අනුමැතිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. එහෙත් එපමණකින් රටේ ආර්ථික ප්‍රශ්නවලට පිළියම් නොලැබෙන බව ආණ්ඩු කරන, කරවන කවුරු කවුරුත් අවබෝධ කරගත යුතුය. ආර්ථිකය යළි ශක්තිමත් කළ හැක්කේ නිෂ්පාදන යාන්ත්‍රණවලට ඔක්සිජන් සැපයීමෙනි. එහෙත් ඒ සඳහා වූ වැඩපිළිවෙළක් ආණ්ඩුව පැත්තෙන් තවමත් ඉදිරිපත් වී නැත.”

SendShareShare
Previous Post

මම රට ගොඩ ගන්නෙත් රාජකීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා මැච් එක දින්නා වගෙයි! ආර්ථික අර්බූදයෙන් රට ගොඩගන්න හැටි ජනාධිපති කියයි! PHOTOS & VIDEO

Next Post

ඡන්දෙ කල්දාන්න මහින්ද දේශප්‍රියත් ‌ගේමක් ගහනවා කියලා අපි කලින්ම කිව්වා! අපි කියපු කතාව ඔන්න මහින්ද දේශප්‍රියම දැන් පිළිඅරන්!

MORE NEWS

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Load More
ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

අපි කවුරුත් දන්න දෙයක් තමයි සුනාමියක් එන්නේ මුහුදු පතුලේ සිදුවන භූමිකම්පාවකින් කියලා. ඒත් පසුගිය දවසක මම ලොස් ඇලමොස් (ඛදි ්ක්පදි)...

Read more
හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.