කොරෝනා වයිරසය ආසාදනය වී ඇති රවුෆ් හකීම් මහතා ඉකුත් 05 වැනිදා පමණක් පාර්ලිමේන්තු පැමිණ ඇති අතර එහිදී ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයාට යාබද අසුනේ හිද ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.
හකීම් මහතාට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග අද (10) දිනයේදී පාර්ලිමේන්තු නිලධාරීන් සීසීටීවී දත්ත පිරික්සමින් ඒ මහතා පාර්ලිමේන්තුවේ ඇසුරු කළ සමීපතමයින් පරීක්ෂා කිරීම ආරම්භ කොට ඇත.
ඒ අනුව ගයන්ත කරුණාතිලක මහතාට යාබද අසුනේ සිට ඇති හකීම් මහතා තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමග මුව ආවරණ රහිතව කතාබස් කරන ආකාරයක් දැකගත හැකිව තිබේ.
ඒ අනුව වහාම නිරෝධායන වන ලෙසට මෙම මන්ත්‍රීවරුන්ට දැනුම් දීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් සදහන් කළේය.










