එන්නත් ලක්ෂ හයක ගැටලුවක් ඇති බවත් එය හැංගිය යුතු කාරණයක් නොවන බවත් කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද (4) පැවැසුවාය.
එය අප රටට කිව යුතු යැයි කී අමාත්‍යවරිය එවැන්නක් ඇතිවුණේ රජයේ වරදකින් නොවන බවත්, නිෂ්පාදකයන්ට අවශ්‍ය තරම් සැපයුම් දීගැනීමට නොහැකි වීම නිසා මේ තත්වය ඇති වී තිබෙන බවත් ප්‍රකාශ කළාය.
පළමු මාත්‍රාව එක් එන්නතකින් ලබාදී දෙවෙනි මාත්‍රාව වෙනත් එන්නතකින් දීමට හැකියාව ඇත්දැයි පරීක්ෂණ පවත්වාගෙන යන බවත් එම පරීක්ෂණ වාර්තාවල ප්‍රගතිය අනුව එන්නත් “කොක්ටේල් ” එකක් දීමට ඉදිරියේදී හැකිවනු ඇති බවත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කීවාය.
රාජ්‍ය ඇමතිවරිය මෙසේ පැවසුවේ කොවිඩ් අවදානම හමුවේ රට මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ ඉදිරිපත් කෙරුණු යෝජනාව පිළිබඳ විවාදයේදීය









