මහමැතිවරණය පැවැත්වීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය රීති ඇතුළත් ගැසට් පත්‍රය නීතිපතිවරයා වෙත යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.
මැතිවරණ කොමිසම විසින් ඉදිරිපත් කරනු ලැබූ සෞඛ්‍ය උපමානයන් මෙම ගැසට් පත්‍රයෙහි ඇතුළත් කොට ඇති බව දැනගන්නට තිබේ.
අදාළ ගැසට් පත්‍රය නීතිපති දෙපාර්තමේන්තුව විසින් අද හෝ හෙට ලබා දෙනු ඇති බවත්, එසේ ලද විගස එය නිකුත් කිරීමට කටයුතු කරනු ඇති බවත් දැනගන්නට ඇත.










