පැහැරගැනීමකට ලක්වූවේ යැයි කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ කාන්තාව අද (09) දින ප්‍රවෘත්ති සාකච්ජාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ප්‍රකාශ කර තිබුණද කිසිදු හේ්තුවක් නොදන්වා එම ප්‍රවෘත්ති සාකච්ජාව අවලංගු කිරීමට කටයුතු කොට ඇත.
අද දින එම කාන්තාවගේ නිවෙසේ එම පුවත්පත් සාකච්ජාව පැවැත්වෙන බවට කර තිබූ දැනුම්දීමකට අනුව මාධ්‍යවේදීන් එහි ගොස් තිබුණද ඇය නිවෙසේ සිට නොමැත.
කෙසේවෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (09) අලුයම වනතුරු ඇයගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණු අතර අද සවස ඇය අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් වෙත යොමු කිරීමටද නියමිතය.










