• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

සිද්ධීන් 144යි! වියදම ඩොලර් බිලියනයයි! පිටසක්වළ යානා ගැන පළමු වතාවට ඇමෙරිකාව කරපු බිහිසුණු හෙළිදරව්ව!

December 26, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
සිද්ධීන් 144යි! වියදම ඩොලර් බිලියනයයි! පිටසක්වළ යානා ගැන පළමු වතාවට ඇමෙරිකාව කරපු බිහිසුණු හෙළිදරව්ව!
Share on WhatsAppShare on Facebook

සැන්දෑවේ හිරු බැසගිය පසු අහස් කුසින් දිස්වන්නේ අතිශය අපූරු සුන්දරත්වයකි. හිස් අවකාශයක් ඇති තැනකට ගොස් අහස් කුස දෙස බැලූ විට අපගේ දෙනෙත්වලට අදහාගත නොහැකි ආකාරයෙන් එම සුන්දරත්වය විරාජමාන වෙයි. මන්දාකිණි රැසකින් සැදුම් ලත් විශ්වය අපගේ දෙනෙත් ඉදිරිපිටදී එසේ දිගහැරෙන්නේය අනන්ත සංඛ්‍යාවක් වූ ග්‍රහලෝක, තාරකා සහ වෙනත් ආකාශ වස්තු රාශියකින් මෙම අපූරු විශ්වය නිර්මාණය වී ඇත. එය සැබැවින්ම ඉමක් කොනක් නොපෙනෙන මහා අනන්තයකි. ජීවීන් වාසය කරන එකම ලෝකය පෘථිවිය පමණක් නොවන බව හැඟෙන්නේ මෙම අභ්‍යවකාශය දෙස දෙනෙත් යොමා සිටින විටදීය. මෙලෙස ග්‍රහ මණ්ඩලයන්හි පෘථිවිය හා සමාන ජීවීන් සිටින වෙනත් ග්‍රහලෝක පැවතීමේ හැකියාවද ඉතා ඉහළ බව ඒ අනුව හැඟීයයි. එය එසේ නොවන්නේ යැයි යමෙකුට කිව නොහැකිය. එසේ පැවසුවහොත් එය මෝඩ තර්කයක් හා න්‍යායකි. මෙලෙස වෙනත් ග්‍රහ ලෝකවල සිටින එවැනි ජීවීන් සමහර විට අපට වඩා දියුණු හෝ එසේත් නැතිනම් අපට වඩා ප්‍රාථමික හෝ විය හැකිය. එසේම අප මෙම පිටසක්වළ ජීවීන් ගැන අසා ඇති අපූරු කනාත්දරද බොහෝය. එනම් මෙම ග්‍රහ මණ්ඩලවල පෘථිවිය හා සමාන වෙනත් ග්‍රහලෝක පැවැතීමේ සම්භාවිතාව ඉතා ඉහළ බව සාමාන්‍ය බුද්ධියෙන් පවා අපට වටහාගත හැකිය.

පරක් තෙරක් නැති මෙම විශ්වයේ තිබෙන සමහර ග්‍රහලෝකවල සිටිනවා යැයි පැවසෙන පිටසක්වළ ජීවීන් ගැන විවිධ මතිමතාන්තර සහ කතාන්දර අපගේ සවනට ඇසෙන්නේ දශක ගණනාවක සිටය. මෙහිදී අප එකක් සිදුකළ යුත්තේ විශ්වයේ ජීවය පවතින එකම ග්‍රහලෝකය පෘථිවිය පමණක් යැයි උපකල්පනය කිරීමෙන් වැළකී සිටීමය. ඒ නිසා විශ්වයෙහි වෙනත් නොයෙකුත් බොහෝ ජීවීන් සිටීම යන මතය අපගේ මනස තුළ දරාගත යුතුය. එසේනම් එම ජීවීන් කවරෙක්ද? මෙතෙක් එම ජීවීන් අප විසින් දැක තිබේද? ඔවුන්ගේ බුද්ධිය, මුහුණුවර, ශරීර ප්‍රමාණයන් හා වර්ණයන්, භාෂාව මෙන්ම ආහාර දාමයද කුමන එකක්ද? මෙවැනි වටපිටාවක් යටතේ පසුගිය දශක ගණනාවක් පුරා ලොව බොහෝ රටවලින් අසනන්නට ලැබී ඇත්තේ මෙවැනි පිටසක්වළ ජීවීන් ගැන හෝ අද්භූත පිටසක්වළ යානා ගැන හෝ එසේම එවැනි වෙනත් ක්‍රියාකාරකම් ගැන හෝ නිර්මාණය වූ විවිධ කතාන්දරය. එවැනි සිදුවීම් සිය ගණනක් මේ වන විට ලෝකය පුරා ඇති විවිධ රටවලින් වාර්තා වී ඇත. විටක එය සත්‍යය හෝ අසත්‍යයද වන්නට හැකිය.

අද මිනිසා සඳ තරණය කර අවසානය. එහෙත් මිනිසාට සඳට යන්නට සහ සඳ තුළ ජීවත් වන්නට හැකි වෙනත් පරිසරයක් මිනිසා විසින්ම නිර්මාණය කෙරිණි. එනම් අප පෘථිවියේ ජීවීන්ට වෙනත් ග්‍රහලෝකයක ජීවත් වීමට හැකි පාරිසරික සහ විද්‍යාත්මක තත්ත්වයන් බොහෝ වෙනස්ය. තවත් අයුරකින් කියතොත් මිනිසාට අවශ්‍ය ප්‍රධානතම ඔක්සිජන් වායුව සහ අනෙකුත් සංඝටක එම ග්‍රහලෝකයට අදාළව තිබිය යුතුය. මෙලෙස අද මිනිසා සඳට යන්නේ එම පරිසරය කෘත්‍රිමව නිර්මාණය කරගනිමිනි. එසේ නොවණහොත් මිනිසා මරණයට පත්වන්නේය. මේ අනුව බලන කල මෙම විවිධ ග්‍රහලෝකයන් යනු හාත්පසින්ම එකිනෙකට වෙනස් වූ ස්වභාවික නිර්මාණයන්ය. සමහර විට එවැනි ග්‍රහලෝකයක සිටින ජීවියකුට මෙම පෘථිවියටද පැමිණ ජීවත් වීමට නොහැකි වනු ඇතිය. එනම් මෙය සැබැවින්ම අතිශයම සංකීර්ණ වූ කතාන්දරයකි. මෙවැනි තත්ත්වයක් යටතේ එවැනි ග්‍රහලෝකයක සිටින ජීවියකු මෙම පෘථිවිය තුළ අපට සැබැවින්ම සජීවීව දැකිය හැකිද? එසේම අද ඔබට මෙම අපූරු මන්දාකිණියේ සුන්දර වගතුග මෙලෙස ලියා තැබුවේ කුමන හේතුවක් උදෙසාද? එය නම් මෙයට දින කිහිපයකට පෙර අපට ඇමෙරිකාවෙන් අසන්නට ලැබුණු අපූරු වගතුගක් හෙයිනි. කුමක්ද මෙම සුවිශේෂ කතාන්දරය?

ඇමෙරිකාවේදී මෙයට දින කිහිපයකට පෙර අසන්නට ලැබුණු කතාන්දරයේ මූලික වගතුග හෙළිවන්නේ මෙයට වසර 02කට පමණ ඉහතදීය. එනම් 2020 වසරේ මැද භාගයේදී ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන බැරැක් ඔබාමා ඇමෙරිකානු රූපවාහිනියේ ප්‍රධානතම විශේෂාංගමය සාකච්ඡාවක් සඳහා සහභාගි විය. බැරැක් ඔබාමා යනු අභ්‍යවකාශ විෂය ගැන බොහෝ උනන්දුවක් දැක්වූ විශේෂිත පුද්ගලයකු විය. රාත්‍රියේදී පැවැත්වුණු මෙම සජීවී දසුන් සාකච්ඡාවේදී ඔහු විවිධ විෂයන් කිහිපයක් ගැන බොහෝ රසවත් කතාබස් කළේය. එහිදී ඔහු ඉතා ආන්දෝලාත්මක ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, අභ්‍යවකාශයෙන් පැමිණෙන පිටසක්වළ ජීවීන්ගේ යානාවල විවිධ දර්ශන ඇමෙරිකානු හමුදාව සතුව තිබෙන බවය. එනම් මෑතකදී අහසේ දිස්වුණු එක්තරා අද්භූත වස්තුවක පැහැදිලි දසුන් පවා ඇමෙරිකානු හමුදාව විසින් ලබාගෙන ඇති බවත්, එවැනිම දසුන් රැසක් මින් පෙරද වතාවන් කිහිපයකදීම ඇමෙරිකානු හමුදාව විසින් ලබාගත් බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි. ජේම්ස් කෝඩන් නමැති අතිශය ප්‍රකට රූපවාහිනී නිෂ්පාදකවරයාගේ ‘ද ලේට් ලේට් ෂෝ’ (The Late Late Show with James Corden) නමැති අතිශය ප්‍රකට රූපවාහිනී වැඩසටහන හරහා බැරැක් ඔබාමා මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකළේය. ඔහු එහිදී මෙසේ කියා සිටියේය.

‘මෙවැනි දසුන් ඇත්තටම පුදුමාකාරයි. ඇමෙරිකානු හමුදාව සතුව මෙවැනි දුර්ලභ දසුන් තිබෙනවා. මෙම අද්භූත වස්තූන්ගේ හැසිරීම එක අතකට පැහැදිලි කළ නොහැකි එමෙන්ම තේරුම් කළ නොහැකි ක්‍රියාවලියක්. එසේම මේ ගැන පහසුවෙන් අර්ථ දක්වන්න බැහැ. පර්යේෂකයන්ට පවා මේ දසුන් මොනවාදැයි නිරාකරණය කරගැනීමට නොහැකි වී තිබෙනවා. එහෙත් ඒ අය මේ තත්ත්වය ගැන දැඩි අවධාරණයෙන් පසුවෙනවා. ඇමෙරිකානු හමුදාව සතු එම දසුන් පොදුවේ සමාජය වෙත ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැහැ. එය යම් අයුරකින් සිදුවන රහසිගත පර්යේෂණයක් වන්නට පුළුවන්. ඇත්තටම මට මේ ගැන තවත් දුරට කරුණු ප්‍රකාශ කරන්න ක්‍රමයක් නැහැ…’

හිටපු ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ මෙම අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශය ලෝකයේ ලක්ෂ ගණනක ජනතාව අසා සිටියේය. විශේෂයෙන්ම ඇමෙරිකාව තුළදී මෙම තත්ත්වය ඉතා උත්සන්න විය. එසේම ඔහුගේ මෙම ප්‍රකාශයට දින කිහිපයකට ඉහතදී ඇමෙරිකාවමෙන්ම මුළුමහත් ලෝකයම තුළ ඇතිවූයේ මහත් විස්මිත සිදුවීමකි. එනම් ඇමෙරිකාවේ අහස්කුස මත රාත්‍රී යාමයකදී ගමන් කරනු ලබන එක්තරා අද්භූත හඳුනා නොගත් වස්තුවක දසුන් රූපවාහිනී නාලිකාවක් හරහා විකාශයට පත්විය. මෙම දසුන් ඇමෙරිකානු රූපවාහිනියට හදිසියේම නිකුත්වී ඇත්තේ ඇමෙරිකානු ආරක්ෂක අංශ මගින් යැයි ප්‍රකාශ වන්නට විය. එහෙත් එය නිල නිකුත් කිරීමක් නොව, රහසිගතව අනපේක්ෂික අයුරින් සිදුවූ ක්‍රියාවක් යැයිද කරුණු හෙළිවිය. ඇමෙරිකාවේ සැන්දියාගෝ (San Diego) නගරය ආසන්න සාගරයේ අහස මතින් දිස්වූ මෙම අද්භූත වස්තුව ගෝලාකාර ස්වරූපයක් ගත් එකක් බව රූපවාහිනි දසුන්වලින් පෙනෙයි. මෙම විස්මිත දසුන් රූගත කර ඇත්තේ ඇමෙරිකානු නාවික හමුදාව විසින් අතිශය නවීන ඡායාරූපකරණ ක්‍රමවේදයක් හරහා යැයි පසුව හෙළිවිය. මෙම දුර්ලභ සිදුවීම සිදුව ඇත්තේ 2020 ජුලි 15 වැනිදා රාත්‍රී 11.15ට වන අතර තත්පර 40ක පමණ කාලයක් අද්භූත යානාවේ දසුන් දර්ශනය වෙයි. එම වේලාව රාත්‍රිය හෙයින් අධෝරක්ත කිරණ ඡායාරූපකරණය (Infrared photography) හරහා මෙම දුර්ලභ දසුන් හසුකරගෙන ඇත. එම දර්ශන බොහෝ පැහැදිලි තත්ත්වයෙන් තිබිණි. එම කතාව එතැනින් නිමවූයේ නැත.

හදිසියේම රූපවාහිනියට නිකුත් වූ මෙම දසුන් ගැන තව තවත් රහස් හෙළිවන්නට විය. එනම් ඇමෙරිකානු නාවික හමුදාවේ සටන් සන්නිවේදන මධ්‍යස්ථානයේ මෙහෙයවීම යටතේ මෙම දසුන් රූපගත කර ඇත. ඇමෙරිකානු නාවික හමුදාවේ තාක්ෂණික දත්තවලට අනුව මෙය කිනම් ප්‍රදේශයක සිට පැමිණි එකක්දැයි සඳහන් නොවිනි. එනම් ලෝකයේ වෙනත් බලවත් රාජ්‍ය වන චීනය හෝ රුසියාව වැනි රටවල සිට පැමිණි යම් ඔත්තු සේවා යානයක් දැයි පවා සඳහන් නොවිනි. එසේ වන්නේ එවැනි යානා පැමිණියහොත් එම දිශාවන් රටවලට අදාළව නවීන තාක්ෂණය හරහා සොයාගත හැකි හෙයිනි. කෙසේ හෝ ඇමෙරිකානු නාවික හමුදාව මෙම අද්භූත වස්තුවට කිසිදු ප්‍රහාරයක් එල්ල නොකර ඇති අතර එය කුමක්දැයි දැඩි ලෙස නිරීක්ෂණයට ලක්කර ඇත. එහිදී නාවික හමුදා නිලධාරීන් ඒ ගැන හුවමාරු කරගන්නා වදන්ද එම රූපවාහිනී දසුන්වල පැහැදිලිව අසන්නට හැකිය. කෙසේ හෝ රාත්‍රී 11ට පමණ ඇරැඹි එම පුදුමාකාර දසුන තත්පර 40ක් පමණ ගෙවුණු පසුව තව තවත් පුදුමාකාර තත්ත්වයකට පත්වෙයි. එනම් අහසේ ඔබමොබ ගමන් කළ එම අද්භූත වස්තුව සැණෙන් සාගරය මතට වැටී එහි ගිලී නොපෙනී යන ආකාරය දක්නට හැකි විය. මෙම සිදුවීම ඇතිවූ වහාම ඇමෙරිකානු නාවික හමුදාව සැණෙකින් තමන්ගේ අධිවේග යාත්‍රා එම ප්‍රදේශයට යවා නිරීක්ෂණයක් සිදුකරන ලදී. එහෙත් පුදුමයකි. කිසිදු වස්තුවක හෝ යානාවක සලකුණක් එහි නොවීය. එසේම යම් සුන්බුන් කොටසක් හෝ දක්නට නොවීය. සාගරය බොහෝ සන්සුන්ව තිබී ඇත.

කෙසේ හෝ මෙම අතිශය ආන්දෝලනාත්මක සිදුවීමෙන් පසුව ඇමෙරිකා එක්සත් ජනපද බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලය නොහොත් ‘පෙන්ටගනය’ (Pentagon) තීරණය කළේ මෙම සුවිශේෂ සිදුවීම සහ තවත් පෙර සිදුවීම්ද ආශ්‍රිත කරගනිමින් ඉතා ගැඹුරු පර්යේෂණයක් සිදුකිරීමටය. ඒ අනුව පසුගිය වසරකටත් අධික කාලයක් පුරා එම පර්යේෂණය සහ ගවේෂණය සිදුකරන ලදී. මේ සඳහා 2004 සිට 2021 දක්වා වසර 18ක කාලයක් තුළ එවැනි ආකාරයෙන් සිදුවුණු අද්භූත අභ්‍යවකාශ සිදුවීම් 144ක් අධ්‍යයනයට ගෙන ඇත. ඒ අනුව එම සිද්ධීන් සියල්ලම එකින් එක පැහැදිලි අධ්‍යයනයකට භාජනය කරන ලදී, හඳුනා නොගත් විවිධ අභ්‍යවකාශ යානා, හඳුනා නොගත් විවිධ පිටසක්වළ ජීවීන් යැයි සැක කෙරෙන ජීවී දසුන් මෙන්ම විවිධ හඳුනා නොගත් සංඝටක ආශ්‍රිත කරගනිමින්ද මෙම පුළුල් පර්යේෂණය සිදුකරන ලදී. මෙහිදී බොහෝ විට රූපවාහිනී සහ ඡායාරූප දසුන් මෙන්ම විවිධ ශබ්ද තරංගද එසේම එවැනි සිදුවීම්වලට මුහුණ දුන් විවිධ පුද්ගලයන්ගේ ප්‍රකාශයන්ද අවධානයට ගැනිණි. ඒ අනුව මෙම පර්යේෂණය සඳහා පසුගිය වසරකට අධික කාලයක් ඇමෙරිකාව ඩොලර් බිලියනයකට අධික මුදලක් වැයකරන ලදී. එසේම ඒ සඳහා පර්යේෂකයෝ විශාල ප්‍රමාණයක්ද සහභාගි වූහ.

දැන් එසේ නම් ඔබ පැමිණ තිබෙන්නේ මෙම කතාවේ උපරිම හැරවුම් ලක්ෂ්‍යය වෙතටය. මෙලෙස සුවිශාල ධනස්කන්ධයක් සහ මිනිස් ශ්‍රමයක් වියදම් කරමින් සිදුකළ මහා පර්යේෂණයේ ප්‍රතිඵලය කුමක්ද? එම අතිශය සුවිශේෂ ප්‍රතිඵලය නිකුත් වූයේ මෙයට දින කිහිපයකට පෙරදීය. එනම් පෙන්ටගනය ආශ්‍රිත කරගත් එම පර්යේෂකයන්ගේ අවසාන නිගමනය වූයේ පෘථිවිය ආශ්‍රිතව පිටසක්වළ විවිධ ක්‍රියාකාරකම් පිළිබඳ කිසිදු සත්‍ය සාක්ෂියක් හමු නොව බැව්ය. මෙලෙස වසර 18ක් පුරා සිදුවී ඇති සිදුවීම්වලින් පෙනීයන්නේ පිටසක්වළ ජීවීන් හෝ ඔවුන්ගේ අත්භූත යානා හෝ කිසිවක් පෘථිවියට පැමිණ නැති බව හෝ පෘථිවියට කඩාවැදී ඇති බව හෝ නිරීක්ෂණය කළ නොහැකි බවය. මෙම පර්යේෂණය සහ ගවේෂණය සඳහා භාජනය කළ සිද්ධීන් 144න් සිද්ධීන් 80ක් යම් අල්ප සාධක පමණක් පෙන්නුම් කළත් ඒවායින්ද කිසිදු ආකාරයකින් පිටසක්වළ ජීවීන් හෝ ඔවුන්ගේ යානා පෘථිවියට පැමිණි බැව් සනාථ වන්නේ නැති බැව් මෙම පර්යේෂකයන් ප්‍රකාශ කර ඇත. මෙම සිදුවීම් බොහොමයකටම වීඩියෝ සහ ඡායාරූප සාක්ෂිද ඇති අතර පුද්ගල සාක්ෂිද ඇත. එහෙත් ඒවා අධ්‍යයනයේදී පෙනීයන්නේ බොහෝ සිදුවීම් යම් පිරිස් විසින් නිර්මාණය කරන ලද ඒවා බව පර්යේෂකයෝ කියති. මෙය පෘථිවිය තුළ සමීප යුගයක ඇතිවූ සිදුවීම් හෙයින් යම් අයුරකින් නවීන තාක්ෂණයද භාවිත කරමින් එවැනි දසුන් නිර්මාණය කරන්නට ඇතැයිද පැවැසෙයි. එසේ වුවද සමහර සිදුවීම්වල දසුන් අති සංවේදී බහු සංවේදක හරහා ලබාගත් බවද පෙනීයයි. කෙසේ හෝ මෙම පර්යේෂණය සඳහා 2004 වසරට පෙර එලෙස සිදුවූ සිදුවීම් කිසිවක් අන්තර්ගත නැත. මෙම නිගමනයේදී පෙන්ටගනයේ ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශයක් කරමින් කියා ඇත්තේ අභ්‍යවකාශයෙහි දක්නට ලැබෙන ඕනෑම හඳුනා නොගත් වස්තුවක් යනු පිටසක්වළ ජීවීන්ට අදාළ වන දෙයක් ලෙස උපකල්පනය කිරීම අප නොමග යවන තත්ත්වයක් බවය. සැබෑ යථාර්ථය එය බවද ඔහු ප්‍රකාශ කර ඇත.

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති එකල බලයේ සිටින අවස්ථාවේදී අපූරු පැනයක් විමසා ඇත්තේ මෙවැනි අභ්‍යවකාශ පර්යේෂණ සිදුකරනු ලබන හමුදා ආරක්ෂක අංශවලිනි. එනම් එම අංශ මගින් පිටසක්වල ජීවීන් හෝ පිටසක්වල යානා හෝ අල්ල රඳවාගෙන රහසිගතව තබාගෙන ඇද්දැයි ඔහු විමසා ඇත. ඔහු එසේ ප්‍රශ්න කිරීමට හේතුවී ඇත්තේ එවැනි රහසිගත ක්‍රියාවලියක් ඇමෙරිකානු හමුදා අංශ මගින් සිදුකර ඇතැයි හැඟුණු චෝදනාවන් යටතේය. එහෙත් එවැන්නක් සිදුවන්නේ නැතැයි අදාළ අංශ තමන් වෙත ප්‍රකාශ කළ බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. එහෙත් එවැනි පර්යේෂණ සිදුකරනු ලබන රසායනාගාර කිහිපයක් පමණක් ඇමෙරිකාව තුළ තිබෙන බව ආරක්ෂක අංශ ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත. කෙසේ හෝ අද පෙන්ටගනය විසින් සිදුකරනු ලැබූ පුළුල් පර්යේෂණයෙන් නිගමනය වූයේ මෙතෙක් පිටසක්වළ ජීවීන් පෘථිවියට පැමිණ ඇති බවට හෝ එවැනි පිටසක්වළ යානා කිසිවක් පෘථිවිය වෙත පැමිණ නැති බවය. ඒ හෙයින් මෙය මුළුමහත් ලෝකය වෙතම ඉදිරිපත් කරනු ලබන නිගමනයක් මගින් පිටසක්වළ ජීවීන්ගේ හැකියාවන් සහ ක්‍රියාකාරකම් බැහැර නොකරන බවද පර්යේෂකයන් ප්‍රකාශ කර ඇත. කෙසේ හෝ මෙම පර්යේෂණයන් සිදුකර ඇත්තේ ඇමෙරිකානු ආරක්ෂක අංශ මගින් වන අතර එයට ඇමෙරිකානු නාසා ආයතනයේ සම්බන්ධතාවක් නැත. නාසා ආයතනය යනු අභ්‍යවකාශ පර්යේෂණ සිදුකර ලොව ප්‍රධානතම සංවිධානය වෙයි. කෙසේ හෝ ඔවුන්ද පසුගිය 2016 සිට 2017 වසර දක්වා යට කී විෂය ගැන පර්යේෂකයන් 16 දෙනකු සම්බන්ධ කරගත් වසරක පර්යේෂණයක් සිදුකරන ලදී. එහිදී වුවද නිශ්චිත නිගමනයන්ට එළඹීමට නොහැකි වී ඇති අතර, එම සංකීර්ණ පර්යේෂණය සිදුකරන ලද්දේ අභ්‍යවකාශය තුළට ඇතුළු වීම මගිනි. කෙසේ හෝ පිටසක්වළ යනු පුදුමාකාර අද්භූත කතා මවන තෝතැන්නකි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

2021 පැහැරගැනීම් 835යි! 2022ට 3596යි! මිනීමැරීම් 497යි! ඒකෙනුත් 223ක්ම වෙඩි තියලා මරපුවා! ඔන්න උදේ හවස බණ කියන ධර්මද්වීපයට ගිය කල!

Next Post

ඡන්ද තියන්න ආණ්ඩුවට සල්ලි නෑ කියපු අකිලට ගණන් මිනුම් ඉලක්කම් සහ ඡන්දෙ නොතිබ්බොත් වෙන දේ ගැන සජබෙ නියෝජ්‍ය ජාතික සංවිධායකගෙන් උත්තරයක්! (VIDEO)

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.