හමුදා මූලස්ථානය පිහිටි ඉඩම ෂැංග්‍රීලා හෝටලයට ලබා දීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපකෂ ඩොලර් මිලියන පහක මුදලක් (රුපියල් ලක්ෂ දස දහසක) මුදලක් ලබාගෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ලැබී තිබේ.Sri Lanka Latest News
මෙම පැමිණිල්ල අල්ලස් කොමිසමට ඉදිරිපත් කර තිබෙන්නේ “අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය” නමැති සංවිධානයයි.
සිංගප්පූරුවේ ජීවත් වන විදම්බරම් නමැති ව්‍යාපාරිකයෙකු දිවුරුම් ප්‍රකාශයක් මගින් සහතික කර තිබෙන ආකාරයට, ටී.පී.එල් ඉත්මා සහ හෙලියැට් නමැති සමාගම් දෙකක් හරහා අදාල මුදල් මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී තිබේ.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අදාල අල්ලස් මුදල ලබාගෙන ඇති බවද මුලින්ම හෙළිදරව් කරන ලද්දේ සජින්ද වාස් ගුණවර්ධනයි.
“අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය” නමැති සංවිධානය අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබෙන්නේ සජින්ද වාස් ගුණවර්ධන හෙළි කර තිබුණු එම කරුණු මත පදනම්වයි.
ඒ අනුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඊයේ දිනයේ දී සජින් ද වාස් ගුණවර්ධන එම කොමිසම හමුවට කැදතා තිබුණු අතර පැය තුනකට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පැවසේ.










