පිළිකාකාරක අඩංගු ආහාර තවත් ඇති බවටත්, දේශීය සමාගම් කඩා වැටෙන නිසා ඒවා හෙළිකළ නොහැකි බවටත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්, ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් සොයාබැලීමක් කරන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
ඇය කළ ප්‍රකාශය රජය අනුමත නොකරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
ඇගේ ප්‍රකාශය සම්බන්ධයෙන් එම ආයතනයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර සොයාබැලීමක් කරන බව කී අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් රජයක් ලෙස ගත යුතු තීන්දු තීරණ ගන්නා බව ද කීවේය.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (06) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
ඇය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විටත් කතිකාවක් ඇතිව තිබෙන බව ද කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.










