ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.
නෙල්ලිගල සිද්ධස්ථානය මීට වසර කීපයකට පෙර නිර්මාණය වූයේ පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ සංකල්පයක් අනුව වන අතර බුදුරජාණන් වහන්සේගේ හා මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා තැන්පත් කොට සෑදූ අඩි 75ක් උස චෛත්‍යයකින් හා සුවිශාල ධර්මශාලාවකින් මෙම සිද්ධස්ථානය සමන්විතය.
මෙම අවස්ථාව සඳහා ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද එක්විය.












