මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් දිනක විවාදයක් ලබා දෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලූ විවාදය ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ආණ්ඩු පක්ෂය එකඟවී නොමැත.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (21) පස්වරුවේ රැස්විය.
එහිදී ආණ්ඩුව ඊට විරෝධය පළ කොට ඇති බව දැනගන්නට තිබේ.
කෙසේවෙතත් ඊයේ දිනයේ පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා මාධ්‍ය හමුවේ සදහන් කර සිටියේ ආණ්ඩුව ඡන්දය කල් දැමීමට කටයුතු කරන්නේ නම් මුලින්ම විරුද්ධ වන්නේ පොහොට්ටුව බවය.
අද පැවැති පක්ෂ නායක රැස්වීමටද සාගර කාරියවසම් මහතා සහභාගී වී සිටීම විශේෂ සිදුවීමක් විය.










