චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත මෙරට ජනතාවට එන්නත්කරණය අද (08) ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී එන්නත් ලබාදීම ආරම්භ කෙරේ.
රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසුවේ අද දහවල් 2.30 එම එන්නත්කරණ වැඩසටහන ආරම්භ කෙරෙන බවය.
ඊයේ දිනයේ රුසියානු ස්පුට්නික් එන්නත ලබා දීමද ආරම්භ විය.