• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෝඩි මැජික් අහවරයි: එතකොට ගෝඨා මැජික්…? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

May 8, 2021
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
මෝඩි මැජික් අහවරයි: එතකොට ගෝඨා මැජික්…? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

2019 ජනාධිපතිවරණයට ගෝඨාභයගේ කැම්පේන් ටීම් එකත් සජිත්ගේ කැම්පේන් ටීම් එකත් තරගයට මෙන් දිව්වේ මෝඩිගේ කැම්පේන් ටීම් එක පසුපසය. ඒ වන විට ලංකාවේ පමණක් නොව ලෝකයම මෝඩිගේ කැම්පේන් ටීම් එකේ හැකියාව තේරුම් ගන සිටියහ.

“මෝඩි තව දශකයකටවත් පරාජය කළ නොහැකියි….”

2019 මහ මැතිවරණයෙන් දෙවැනි පාරටත් ජයගත්තාම ඉන්දියාව පමණක් නොව ලෝකයම කීහ. මේ නිසාම රාජපක්ෂවරු හිටියේත් මෝඩි නායකත්වය දෙන භාරතීය ජනතා පක්ෂ ප්‍රචාරක ව්‍යාපාරයට ඇබ්බැහි වෙලාය. වරක් පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් මෙසේ කීවේය.

“අපිට ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයෙන් ගොඩක් පාඩම් ඉගෙන ගන්න පුළුවන්…”

මේ බැසිල් 2019 ජනාධිපතිවරණයට කලින් සිටම කී කතාවය. භාරතීය ජනතා පක්ෂයේ ලාංඡනය නෙලුම් මලය. පොදුජන පෙරමුණේ ලාංඡනය පොහොට්ටුවය. භාරතීය ජනතා පක්ෂයේ මෝඩි රැල්ලේ නිර්මාතෘ අමිත් ෂාය. භාරතීය ජනතා පක්ෂයේත් පොදුජන පෙරමුණේත් සමානකම් දකින බොහෝ අය කීවේ ලංකාවේ අමිත් ෂා බැසිල් රාජපක්ෂ කියාය.

අමිත් ෂා ඉන්දියාවට වඩා ලොකුවට මෝඩිගේ ප්‍රතිරූපය නිර්මාණය කළේය. ඔහු ඉන්දියාව තුළත් ලෝකය තුළත් මෝඩි පිස්සුවක් නිර්මාණය කළේය. මෑතකදී අමිත් ෂා කියා තිබුණේ ඔහුගේ ඊළඟ ඉලක්කය භාරතීය ජනතා පක්ෂයේ ශාඛා ලංකාවේ සහ නේපාලයේ පිහිටුවීම යැයි කියාය. අමිත් ෂා මෙය ප්‍රසිද්ධියේ නොකීවත් ඔහු මෙසේ කී බව කියා තිබුණේ භාරතීය ජනතා පක්ෂයේ ප්‍රබලයෙකි. ඔහුට අවශ්‍යව තිබුණේ දකුණු ආසියාවේ තෝරාගත් රටවල භාරතීය ජනතා පක්ෂ ආණ්ඩු හදන්න විය යුතුය. ඊට පෙර ෂාට ඕනෑ වුණේ ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩු අල්ලන්නටය. ඒකට ඔහු පාවිච්චි කළේ භාරතීය ජනතා පක්ෂයට හිතවත් මාධ්‍ය ජාලයක් හදා, ඒ හරහා ඉන්දීය ජනතාවගේ මනස වෙනස් කරන ප්‍රචාරණ උපක්‍රම පාවිච්චි කිරීමය. මේ ප්‍රචාරණ උපක්‍රමයේ ප්‍රධානතම අංගය වූයේ හින්දුවාදය සහ මුස්ලිම් විරෝධයය. ඉතා සූක්ෂ්ම ලෙස මෙම මාධ්‍ය ඉන්දියාවේ බොලිවුඩය පාලනය කරන මුස්ලිම් ඛාන්ලා තුන්දෙනා වූ අමීර් ඛාන්, ෂාරුක් ඛාන් සහ සල්මාන් ඛාන්ට එරෙහිව හින්දුවාදය ඇවිස්සීය. බිහාර් ප්‍රාන්තයේ මැතිවරණය ළං වන විට බිහාර් ප්‍රාන්තයේම උපත ලද ප්‍රකට නළුවකු වූ සුසාන්ත් සිං රාජ්පුත් සියදිවි නසා ගත්තේය. අමිත් ෂාගේ මාධ්‍ය සුසාන්ත්ගේ මරණය ප්‍රයෝජනයට ගෙන බොලිවුඩයේ නළු නිළියන්ගේ දූ පුතුන් නළු නිළියන් කරන පවුල්වාදයට එරෙහිව ගමෙන් ආ කොල්ලෙක් වූ සුසාන්ත්ව වීරයෙක් කර පෙන්වූයේය. සුසාන්ත්ව වීරයෙක් කර පෙන්වූයේ ගාන්ධි පවුලේ පවුල්වාදයට එරෙහිව නැඟී සිටි මෝඩිගේ චරිතය උලුප්පා පෙන්වමින්ය. ඔවුගේ මරණය මිනීමැරුමක් බවත්, ඊට බොලිවුඩයේ මුස්ලිම් ඛාන්ලා මෙන්ම පවුල්වාදී නළු නිළියන්ද වගකිව යුතු බවත් පෙන්වීය. එම ප්‍රචාරණ ව්‍යාපාරයට පින් සිදුවන්නට භාරතීය ජනතා පක්ෂ සන්ධානය බිහාර් ප්‍රාන්තය දින්නේය. ඉන් පසු සුසාන්ත් ගැන කවුරුවත් කතා කළේ නැත.
ඉන්දියාවේ බොලිවුඩයට කිසිදු රාජ්‍ය නායකයකු අත තිබ්බෙ නැත. ඒත් මෝඩි එයට අත තිබ්බේය. මෝඩි පුරවැසි පනතක් ගෙනැවිත් භාරතීය ජනතා පක්ෂයට ඡන්දය නොදෙන මුස්ලිම්වරුන්ගේ ඡන්ද අයිතිය නැති කරන්න සැලසුම් සකස් කළේය. එයට එරෙහි සිසු උද්ඝෝෂණයට ජනප්‍රිය නිළි දීපිකා පදුකෝන් සහභාගි වූවා කියා ඇයට එරෙහි මත්ද්‍රව්‍ය චෝදනා නඟා ඇයව පොලීසියට ගෙන්වූයේය. මේ නිසා ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රට ලෙස ප්‍රකට ඉන්දියාවේ ප්‍රධාන චරිත මෝඩිට එරෙහිව කතාකිරීමටත් බය විය. මෝඩිගේ ආණ්ඩුව ගොවීන්ගේ විරෝධය නොතකා ගොවි පනතක් ගෙන ආවේත් මේ බය ප්‍රයෝජනයට ගෙනය. එයට එරෙහිව රට පුරා විරෝධතා පැවැත්වුවත්, මෝඩි එයට බය වූයේ නැත.

“මෝඩි කියන්නේ ඉන්දියාව – ඉන්දියාව කියන්නේ මෝඩි”

මෝඩි හිතුවේ එහෙමය. මෝඩි බෙංගාල ප්‍රාන්ත මැතිවරණයට ගියෙත් එහෙම හිතාගෙනය. බෙංගාල මහ ඇමැතිනියවූයේ ඉන්දියාවේ ලොකු අක්කා ලෙස ප්‍රකට මම්තා බෙනර්ජීය. ඇය ගාන්ධිලාගේ කොංග්‍රස් පක්ෂ සන්ධානයේ හවුල්කාර පක්ෂයක නායිකාවකි. මෝඩි අන් හැමෝම පාලනය කරනවා වගේ ඇයවත් පාලනය කරන්න කොයි තරම් උත්සාහ ගත්තත් ඇය සැලුණේ නැත. තමාගේ හවුල්කාර පක්ෂය වූ කොංග්‍රස් පක්ෂය හතර ගාතෙන් වැටිලා හිටියත් ඇය මෝඩිට කොන්ද නැමුවේ නැත. මෝඩි බිහාර් ප්‍රාන්ත ඡන්දයට ගියේ යුද්ධෙට යන්නා වගේය. ඔහු ඇයගේ පක්ෂය දෙකඩ කළේය. ඇයගේ ආධාරකරුවන් පසුපස අල්ලස් කොමිසම, ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ දමා ඔවුන්ව අසරණ කළේය. ආසියාවේ ස්වාධීනම මැතිවරණ යාන්ත්‍රණය තියෙන්නේ ඉන්දියාවේය. ඉතිහාසයේ පළමු වතාවට මෝඩි මැතිවරණ කොමිසම සාක්කුවේ දමාගත්තේය. තමාට රැස්වීම් අමතා සංවිධානය වෙන්න පුළුවන් ලෙස මැතිවරණ කොමිසම ලවා මැතිවරණ කඩින්කඩ පවත්වා ගත්තේය. අමිත් ෂාගේ මාධ්‍ය යාන්ත්‍රණය බෙංගලියේ යකා නැටුවේය. මම්තා බෙනර්ජි මහ ඇමැතිනිය සමග විවිධ අය දුරකතනයෙන් කළ කතා පටිගත කළ ටේප් පටි ප්‍රචාරය කරමින් ඇයට එරෙහි මඩ ව්‍යාපාරයක් දියත් කළේය. මෝඩිද වේදිකාවේ ඇයට මඩ ගැසුවේය. කොරෝනා තුන්වැනි රැල්ල පටන්ගත්තේ බෙංගාල මැතිවරණයේ අන්තිම කාලයේය. පසුගිය පෙබරවාරයේ භාරතීය ජනතා පක්ෂය ඉන්දියාවෙන් කොරෝනා මර්දනය කිරීම වෙනුවෙන් මෝඩිගේ ආණ්ඩුවට සුබ පතන යෝජනාවක්ද සම්මත කරගෙන තිබිණි. මේ නිසා කොරෝනා තුන්වැනි රැල්ල ගැන පුවත් අහන්න මෝඩි කැමැති වූයේ නැත. ඔහු කොරෝනා රැල්ල මැද්දේ මහා ජනතා රැස්වීම් පැවැත්වීය.

හින්දු ආගමේ ප්‍රාණ උත්සවයක් වන කුම්භ මේලා උත්සවය කොරෝනාවෙන් නිදහස් වූ රටේ රිසි සේ සමරන්න කියා හින්දුවාදයෙන් මිනිස්සු අන්ධ කළේය. අන්තිමේදී කොවිඩ් තුන්වැනි රැල්ලෙන් මිනිස්සු මැරි මැරී වැටෙද්දී එරට අධිකරණය මැතිවරණ කොමිසමට එරෙහි නියෝගයක් දුන්නේය. එනම් මැතිවරණ කොමිසමට එරෙහිව මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කළ හැකි බවය. මෝඩි ඒවා ගණන් ගත්තේ නැත. ඔහු සිතුවේ බෙංගාලය තමන්ගේ අතේ කියලාය. ඉන් පසු අනෙක් ප්‍රාන්ත අල්ලන්න ඔහු සිතියම් ඇන්දේය. ප්‍රතිඵල එද්දී මෝඩි සිටියේ කොරෝනාවෙන් කරවටක් එරිලාය. බිහාර්වලින් මෝඩි අන්ත පරාජයක් ලබා තිබිණි. ලොකු අක්කා අති විශිෂ්ට ජයක් ලබා තිබිණි. ඒ වගේම මෝඩිගේ භාරතීය ජනතා පක්ෂය සහාය දුන් පක්ෂ තරග කළ තමිල්නාඩුව ඇතුළු අනෙකුත් ප්‍රාන්තවලද පරාජය වී තිබිණි.

“පරද්දන්න බැහැ කිව්ව මෝඩිව අපි පරාජය කළා….”

බෙංගාලියේ ලොකු අක්කාගේ ආධාරකරුවන් මල් වෙඩි ගසමින් කීවේ එලෙසය. තමිල්නාඩුව ඇතුළු අනෙකුත් ප්‍රාන්තවලද මෝඩි විරෝධී පක්ෂ ජය සමරමින් කීවේ එලෙසය. ඔවුන් එලෙස ජය සැමරුවේ මෝඩි ඡන්දයක් දිනන්න ඕනෑම අවදානම්සහගත තීරණයක් ගන්නා බව දන්නා නිසාය.

2019 මහ ඡන්දය දිනන්න ඔහු පාකිස්තානයට ප්‍රහාරයක් එල්ල කොට මුස්ලිම් විරෝධය, පාකිස්තාන විරෝධය ඇවිළීය. මෙවරත් ඔහු කොරෝනා පැතිර යෑමෙ අවදානම ගෙන ඡන්දය පැවැත්වීය. මෙයට එරෙහිව කතා කරන්න එරට ස්වාධීනතම ආයතනයක් වූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් බිය විය. ඒත් එහි උප සභාපති පමණක් බිය නොවී කීවේ ඉන්දියාවෙ කොරෝනා පතුරුවන්නේ මෝඩි බවය.

මෝඩිටත් භාරතීය ජනතා පක්ෂයටත් අද අත්වී තිබෙන පරාජය රාජපක්ෂලාට මෙන්ම පොදුජන පෙරමුණටත් හොඳ පාඩමකි. මෝඩි මෙන්ම රාජපක්ෂ ආණ්ඩුවත් මුස්ලිම් විරෝධය අවුස්සා ඡන්ද දිනා ආවේය. සිංහල බෞද්ධ රජ්‍යයක් ගැන කතා කළේය. අද ගොවීන්ගේ විරෝධය නොතකා රසායනික පොහොර තහනම් කරන්න යයි. තමන්ට තුනෙන් දෙකක් තියෙනවා, දැන් මැතිවරණ කොමිසම, පොලිසිය, හමුදාව, අධිකරණ පත්වීම් සියල්ල තමන්ගේ නිසා බිය විය යුතු නැතැයි රාජපක්ෂලා හිතනවා විය හැකිය. විශේෂයෙන්ම මාධ්‍ය අතේ තියාගත්තාම මිනිසුන්ගේ ඔළු වෙනස් කරන්න පුළුවන් යැයි ඔවුන් හිතනවා විය හැකිය. මෝඩි හිතුවේත් එහෙමය.

කොරෝනා තුන්වැනි රැල්ලත් සමග “රිසයින්ග් මෝඩි” නොහොත් “මෝඩි අස්වෙනු”යනුවෙන් එරට සමාජ මාධ්‍ය දැවැන්ත කැම්පේන් එකක් පටන්ගනු ලැබීය. මෝඩි කළේ ඒවා තහනම් කිරීමය. දැන් රාජපක්ෂ ආණ්ඩුවත් ආණ්ඩු විරෝධී කැම්පේන් සහිත මුහුණු පොත් තහනම් කිරීමට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර තිබේ. හැබැයි මෝඩි විරෝධී සමාජ මාධ්‍ය තහනම් කරලාත් මෝඩිට බෙංගාලය දිනාගන්න බැරි විය.

මෝඩිගේ පරාජය ගැන ඉන්දියාවේ ලොකු අක්කා නොහොත් බෙංගලි මහ ඇමැතිනියගේ පක්ෂයේ මන්ත්‍රීවරියක් වන මහුවා මොයිත්‍රා අපූරු ලිපියක් ලියා තිබිණි. ඇය එම ලිපිය අවසන් කර තිබුණේ මෙසේය.

“හින්දු රාජ්‍යයකට වඩා ඔක්සිජන් සිලින්ඩරයක් වටිනවා යැයි කොරෝනා රැල්ල නිසා මෝඩිගේ ආධාරකරුවන් පවා තේරුම් ගෙන තිබේ. බෙංගලි ඡන්දය ඉන්දියාවට පෙන්වා දී තිබෙන්නේ අද අවශ්‍ය විෂ සහිත පුරුෂාධිපත්‍යයක් වැනි බලසම්පන්න බලගතු ශක්තිසම්පන්න නායකත්වයක් නොවන බවය. ඉන්දියාවට අද අවශ්‍ය හදවතක් සහිත කොන්දක් තිබෙන නායකත්වයක්ය….”

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

වෙසක් ඉවරයි!

Next Post

ස්පුට්නික් ඊයේ සිට: සයිනොෆාම් අද සිට

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.