රාජ්‍ය සේවකයින් සඳහා වාර්ෂික උත්සව අත්තිකාරම් දීමනාව ලබා දීමටත්, සමෘද්ධි පවුල් විසි තුන් ලක්ෂයට මූලික දීමනාවක් වශයෙන් රුපියල් 5000 දීමනාව සහ ආබාධිත දීමනාව නොලබන, පොරොත්තු ලේඛනයේ සිටින ආබාධිත අයට ද අදාළ දීමනාව ලබා දීමටත් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා තීන්දු කොට ඇත.
එසේම විශ්‍රාමිකයින් හා වැඩිහිටි දීමනා හිමිකරුවන්ට අදාළ වැටුප් හා ගෙවිම් අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය යටතේ ඉහත දීමනා අදාළ විශ්‍රාමික හා වැඩිහිටියන් සදහා නිවෙස්වලටම ලබා දීමේ වැඩ පිළිවෙලක් එළැඹෙන 03 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය, එහි ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවැති රැස්වීමේදී මේ බව අනාවරණය විය. එසේම එම ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට ද කාර්ය සාධක බළකාය මැදිහත්ව කටයුතු කරනු ඇත.










