පොල්තෙල් හා පොල්තෙල් ආදේශක ආනයනය කරන ආයතන හතරක සාම්පල පරීක්ෂාවට ලක් වෙමින් ඇති බවත් දින කිහිපයක් ඇතුළත එහි ප්‍රතිඵල නිකුත් වනු ඇති බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කරයි.
මෙලෙස පරීක්ෂාව සඳහා ඉදිරිපත් කර ඇති සමාගම් මෙසේය.
අලි බ‍්‍රදර්ස් පුද්ගලික සමාගම
සේන මිල්ස් පිරිපහදුව
එදිරිසිංහ එජාබල් ඔයිල්ස්
කටාන පිරිපහදුව
දැනට සිදුකරන පරීක්ෂණ මත පදනම්ව ආනයනික තෙල් තොග පරිභෝජනයට සුදුසු නම් පමණක් අලෙවි සඳහන් කිරීම නිදහස් කිරීමට කටයුතු කරන බව ආයතනය පවසයි.
ආනයනකරුවන් හතර දෙනෙකු විසින් අනයනය කරන ලද සෞඛ්‍යයට අහිතකර පොල් තෙල් විකිනීමට ප්‍රමිති ආයතනය අවසර දී ඇති බවට පළ වන චෝදනා අසත්‍ය බවද එම ආයතනය කියා සිටී.










