එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් හා මැතිවරණ කොමිසම අතර පසුගියදා පැවැති සාකච්ජාවේදී එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් හෙළිකරනු ලැබූ අතිශය රහසිගත කරුණක් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අනාවරණය කොට තිබේ.
එහිදී කරුණානායක මහතා පැවසුවේ කොරෝනා හේතුවෙන් දැනටත් වවුනියාවේ 80%ක පමණ කොටසක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන ඇති බව දේශප්‍රිය මහතා ප්‍රකාශ කළ බවකි.
එම නිසා මැතිවරණය පැවැත්වීමට ප්‍රථම ජනතාවගේ ජීවන තත්ත්වය සුරක්ෂිත කළ යුතු බවත්, විශේෂඥ දැනුමක් සහිත පුද්ගලයන්ගේ උපදෙස් මත පමණක් රට විවෘත කිරීමට පියවර ගත යුතු බවත් කරුණානායක මහතා එහිදී වැඩිදුරටත් සදහන් කර සිටියේය.










