මාර්ග කිලෝමීටර් 105ක් සංවර්ධනය කිරීම සදහා චීන සංවර්ධන බැංකුවෙන් රුපියල් බිලියන 15ක ණය මුදලක් ලබා ගැනීමට ආණ්ඩුව තීරණය කොට ඇත.
ඊයේ (06) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සදහා අනුමැතිය ලබා දීමට පියවර ගෙන තිබේ.
අකුරැස්ස-කඹුරුපිටිය, බෙලිඅත්ත-කිරින්ද, තංගල්ල-වීරකැටිය, වලස්මුල්ල-වීරකැටිය, කොටුවන-ඌරුබොක්ක, පරන්දෙණිය-හක්මන යන මාර්ග සංවර්ධනය කිරීම සදහා මෙම ණය මුදල ලබා ගැනීමට අපේක්ෂිතය.










