බලංගොඩ සහ ඇඹිලිපිටිය නගර සභාවල සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවමින් සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව එහි බලතල උප සභාපතිවරුන්ට පැවරීමට පියවර ගෙන තිබේ.
නගර සභා පනත උල්ලංඝනය කිරීමේ චෝදනාව හේතුවෙන් මෙසේ ඔවුන්ගේ සේවය අත්හිටුවා ඇත.
නගර සභා සභාපතිවරුන් දෙදෙනාට එරෙහිව එල්ල වී ඇති චෝදනා විභාග කොට මාස තුනක් ඇතුළත තමන් වෙත වාර්තා කිරීම සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු රොහාන් අනුර කුමාරගේ ප්‍රධානත්වයෙන් යුත් ඒක පුද්ගල කොමිසමක් ද ආණ්ඩුකාරවරයා විසින් පත් කර ඇත.









