කොවිඩ් 19 එන්නත මෙම මාසයේදී ශ්‍රී ලංකාවට ගෙන්වීමෙන් පසු පෙබරවාරි මැද භාගයේදී ඒවා ජනගහනයෙන් 55%කට පමණ ලබා දීම ආරම්භ කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ් 19 වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියෙන් එම එන්නත ජනගහනයෙන් 20%කට නොමිලයේ සැපයෙන බව සඳහන් කළ ඇමැතිවරිය නමුත් එම ඖෂධ 18න් පහළ ළමුන්ට සහ ගර්භණී මව්වරුන්ට මෙන්ම කිරි දෙන මව්වරුන්ට ලබා නොදීමට තීරණය කර ඇති බවද සඳහන් කළාය.
එම එන්නත් මෙරටට ගෙන්වා ගෙන ගබඩා කිරීම සඳහා අවශ්‍ය ශීත ගබඩා පහසුකම් දැනටමත් සකස් කර අවසන් අතර ඇනවුම් කිරීමට අදාළ අයදුම්පත්ද ඉදිරිපත් කර අවසන්ය.
ප්‍රේමලාල් විජේරත්න










