• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සප්තකන්‍යා අනතුර වාර්තා කරන්න අවුරුදු 50කට කලින් මහ රෑ ගිය මාරාන්තික ගමන! ගිනි දැල් අහස උසට ගියා! ගස් උඩ මිනී පිච්චෙමින් තිබුණා! යානයේ කෑලි හැම තැනම විසිරිලා! Sri Lanka Latest News

November 24, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
සප්තකන්‍යා අනතුර වාර්තා කරන්න අවුරුදු 50කට කලින් මහ රෑ ගිය මාරාන්තික ගමන! ගිනි දැල් අහස උසට ගියා! ගස් උඩ මිනී පිච්චෙමින් තිබුණා! යානයේ කෑලි හැම තැනම විසිරිලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කන්ද උඩරට නෝටන්බි්‍රජ්හි අඩි 2800ක් උසැති කඳු වළල්ලකට මැදිව නිරන්තරයෙන් පාව එන මීදුම් වළා අතර සැඟවී සිටින සප්තකන්‍යාව සොයා යෑමට මට සිදුවූයේ 1974 අග භාගයේදීය. ඒ, මා එදා ලංකාදීප කර්තෘ මණ්ඩලයේ රාත්‍රී සේවයේ යෙදී සිටියදීය. ඒ දිනවලද ලංකාදීප පත්‍රය දිනපතා මුද්‍රණ තුනකින් පිටවූ අතර, අලුයම මුද්‍රණයක්ද ඒ අතර විය. එම යුගය මම මාධ්‍ය ජීවිතයට අත්පොත් තබමින් සිටින කෝඩුකාර කාලවකවානුව විය. එදා 1974 දෙසැම්බර් 10 වැනිදා රාත්‍රී 10 කණිසම වදිද්දී ගුවන් හමුදා ආරංචි මාර්ගයකින් කියැවුණේ මුළු රටම සොවින් ඇලළීයන ඛේදවාචකයක් ගැන පුවතකි. සප්තකන්‍යා කඳුවැටියේ ගැටී ගිනිගන්නා ඉන්දුනීසියානු ගුවන් යානය පිළිබඳ ඒ සෝචනීය පුවත කන වැකුණු මා ඒ බව දුරකතනයෙන් ප්‍රවෘත්ති කර්තෘව සිටි පාලිත විදානගමාච්චි ඇතුළු කර්තෘ මණ්ඩල නිලධාරීන්ට දැනුම් දුන්නෙමි. ඒ වනවිට මගේ මතකයේ රැඳුණු ආකාරයට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ වෝල්ටර් ජයවර්ධනද ඒ පුවත දැනගෙන කාර්යාලයට පැමිණියේය. (Sri Lanka Latest News)

එදා ඉන්දුනීසියාවේ සිට මක්කම හජ් වන්දනාවේ යෑමට ඉන්දුනීසියානු බැතිමතුන් 190 දෙනකු රැගෙන පියාසර කරමින් සිටි ‘මාර්ටිනෙයාර්’ ගුවන් යානය ඒ යන ගමනේදී කටුනායක ගුවන් තොටුපළට ගොඩබැස්සවීමට සූදානමින් ආවේ ගුවන් යානයට ඉන්ධන ලබාගැනීමේ බලාපොරොත්තුවෙන්ය. එය කටුනායකට බැස්සවීමට නියමිතව තිබී ඇත්තේ ද ඒ වෙලාවේදීය. ආරක්ෂක අංශ ආරංචි මාර්ග පැවැසූ අන්දමට එම ගුවන් යානය ඒ වනවිට අඩි 40,000ක් ඉහළ අහසේ රැඳී තිබී ඇත.

සප්තකන්‍යා කඳුවැටිය කෙළින් දිස්වන්නේ ලක්ෂපාන විදුලි බලාගාරයේ විදුලි ආලෝක ධාරාවය. ඒ ආලෝක ධාරාව ගුවන් නියමුවාට පෙනී ඇත්තේ ගුවන් යානය පිහිටි දිශාවේ සිට තවත් අඩි 12,000ක් පමණ පහතට ගත් විටය. ලක්ෂපාන විදුලි බලාගාර ආලෝක ධාරාව කටුනායක ගුවන් තොටුපළ යැයි සිතූ නිසාදෝ ගුවන් නියමුවා යානය පහතට ගැනීමේ ප්‍රතිඵලය අවසානයේ ශෝකාන්තයක් බවට පත්වෙමින් තිබිණි. එහෙත් ඒ ගැන නිශ්චිත නිගමනයකට ඒමට නොහැකි වූ ගුවන් නියමුවාද අවසානයේ ගිනි ජාලා අතරේ නොපෙනී ගියේය.

අනතුරක් සිදුවූ විට ගුවන් අනතුරේ රහස් සොයාගන්නා ‘බ්ලැක් බොක්ස්’ හෙවත් කළු පෙට්ටියද සොයාගැනීමට නොහැකි වූ බවයි වාර්තා වූයේ. එදා ඒ සිද්ධිය දැනගත් විගස මමත් වෝල්ටර් ජයවර්ධනත් කැමරා ශිල්පියකුද සමග නෝටන්බි්‍රජ් බලා රාත්‍රියේම පිටත් වීමු. අප සප්තකන්‍යා කඳුවැටිය ආසන්නව පිහිටි අරුත්තැන්න නමැති විශාල තේ වතු යාය අසලට යනවිට අලුයම 5.30 පසුවී තිබිණි. එම ස්ථානයට ගුවන් යානයේ ගිනි දැල් අහස උසට නගිමින් යානයේ කැබලි අවට රක්ෂිත වනාන්තරයට ඇදැවටෙන අයුරු මම සියැසින් දැකගතිමි. ගුවන් යානයෙන් විසිවී ගිය පිළිස්සුණු මළ සිරුරු පහත ගස්කොලන්වල දැවටෙමින් තිබුණේද සිරුරුවලට ගිනිගනිමින්ය.

අප සිටි තේ වත්තෙන් එහා වාහනයක් යා නොහැකිය. එතැන් සිට කඳු මුදුනට අතුරු මාර්ගවලින් කිලෝමීටර් හයක් පමණ දුර ගෙවා ඉහළට නැගගෙන යායුතුය. ඒ ගමන් මගේ ඉහළට යෑම අතිදුෂ්කර විය. අනතුරුදායක විය.

කඳු අවට ගම්මානවල සිටින විශාල පිරිසක් කඳු දෙපසින් ඒ ස්ථානය ආසන්නයට ඇදෙමින් සිටියේය. ඔවුන් පහතින් එන පිරිස් වළක්වාලීමට විශාල ගල් පහතට පෙරළන්නට විය. පොලිසිය සප්තකන්‍යා කඳුවැටියට ඒමට පෙර ගුවන් මගීන්ගේ විසිරී ගිය රන් ආභරණ අඩක් පිලිස්සුණු හොංකොං ඩොලර්, ඉන්දුනීසියානු මුදල් අඩංගු ගමන් බෑගයක්ද කන්ද නැගගෙන ආ පිරිස් අතට පත්වූ බවට පැතිර ගිය ආරංචිය තිත්ත ඇත්තය. එය අතීත සිදුවීමක් තුළ වැසී ගියා මිස පරීක්ෂණ කළ බවක් නම් අසන්නට නොලැබිණි. ගුවන් යානා අනතුරින් පසු අවට පිරිසක් හදිසි පොහොසතුන් වූ ආරංචියද බැහැර කළ නොහැකි බවයි ආරක්ෂක ප්‍රධානියකුගෙන් දැනගන්නට හැකි වූයේ. පසු කලෙක ආරංචි වූයේ ඇතැමුන් ගුවන් යානයේ සුන්බුන් හොර රහසේ කොටස් කර රක්ෂිතයේ සඟවා තබා වරින් වර විකුණා ඇති බවයි.

එදා නෝටන්බි්‍රජ් පොලිසියේ පොලිස් ස්ථානාධිපතිව සිටියේ පොලිස් පරීක්ෂක මයිකල් ආටිගලය. ගුවන් අනතුර සිදුවූ අවස්ථාවේම ආටිගල මහතා නෝටන්බි්‍රජ් සහ මස්කෙළිය පොලිසිවලින් පොලිස් කණ්ඩායම් රැගෙන කිලෝමීටර් 5ක පමණ දුරක් පාගමනින් එම ස්ථානයට ළඟාවී කඳවුරු බැඳගෙන ගුවන් යානයට ආරක්ෂාව සැපයූ අයුරු අදටත් ඔහු ආවර්ජනා කරයි. ඒ බව මේ ලිපිය ලියන මොහොත වනවිට නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා උසස්වීම් ලබා විශ්‍රාමිකව සිටින මයිකල් ආටිගල මහතාගේද මතකයේ ඇති බවට සැක නැත. දැනට 83 හැවිරිදි වියේ පසුවන මයිකල් ආටිගල මහතා දුරකතනයෙන් සම්බන්ධ කරගත් මා, ඉන්දුනීසියානු ගුවන් යානා අනතුරට අදාළ රහස හෙළිවන කළු පෙට්ටියේ කතාව ගැන ඔහුගෙන් විමසා සිටියෙමි. ඔහු කීවේ ඉන්දුනීසියාවේ පරීක්ෂණ කණ්ඩායමක්ද මෙහි පැමිණ ඒ ගැන සෙවීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වූ බවයි.

එදා එම ගුවන් අනතුර සිදුවූ ස්ථානයට යෑමට නොහැකිව ඒ ආසන්නයේ පහතින් පිහිටි තේ වත්තේ සිට පැය කිහිපයක් තිස්සේ සියැසින් දැකගත් අප ඉදිරියට යෑමට ඇතිවූ අනතුරුදායී බාධකය නිසා කොළඹට එන්නට ආපසු හැරුණෙමු. අප එදා අලුයම සප්තකන්‍යා කඳුවැටිය අසලට ළඟාවන අවස්ථාවේ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා දෙකක්ද සප්තකන්‍යා කඳුවැටියේ ගැටී තිබුණු ගුවන් යානය වැටී තිබුණු ස්ථානය නිශ්චිතව සොයාගැනීමට ගුවනේ සිට නිරීක්ෂණයක යෙදෙමින් සිටියේය.

අනතුරට පත් ගුවන් යානය ගැන පසු විපරම් කරද්දී අපට තවත් අපූරු සිද්ධියක් වාර්තා විය. එම ගුවන් යානයේ කාර්යමණ්ඩලයේ සිටි නව දෙනා අතර සිටි ගුවන් සේවිකාවක් වෙනත් රටකට අයත් විදේශීය කාන්තාවක් වූවාය. ඇය ඒ වනවිට විවාහ වීමටද සූදානමින් සිටි බවද වාර්තා විය. මෙම අනතුර ගැන දැනගත් වහා ඇගේ විදේශීය ජාතික පෙම්වතා ගුවන් යානයක් කුලියට ගෙන මෙරටට පැමිණ තිබුණේය. ඔහු සප්තකන්‍යා කඳුවැටිය ආසන්නයට පැමිණ අඩක් පිලිස්සී ඉවතට විසිවී තිබුණු පෙම්වතියගේ සිරුර හඳුනාගෙන එය සිය රටට ගෙනගිය බවයි පසුව අපට දැනගන්නට ලැබුණේ.

සප්තකන්‍යාව ආසන්නයේ සිට ඇසින් දුටු දේ අප කොළඹට පැමිණ පුවත්පතට වාර්තා කළෙමු. ඉන් පසු ඒ ගැන ඉදිරි සැඟවුණු තොරතුරු සොයා ලිපි සම්පාදනය කළේ මගේ මාධ්‍ය මිත්‍ර වෝල්ටර් ජයවර්ධන බව මගේ මතකයේ රැඳී තිබේ.

එක පෙළෙට අලංකාර කඳු මුදුන් හතක් පිහිටා තිබීම නිසා එය කාන්තාවන් සත්දෙනකුට සමාන කර, ඊට ‘සප්තකන්‍යා කඳු වැටිය’ ලෙසින් නමක් පටබැඳී ඇති බවයි නෝටන්බි්‍රජ් අවට ප්‍රදේශවාසීන් පවසන්නේ.

සප්තකන්‍යා ගුවන් අනතුර සිහිවීම සඳහා සිහිවටන ඵලකයක් එම කඳු පාමුල පිහිටුවා තිබේ. ගුවන් යානයේ ටයරයක් අදටත් නෝටන්බි්‍රජ් පොලිස් ස්ථානයේ තබා ඇති අයුරු එහි යන ඕනෑම කෙනකුට දැකගන්නට හැකිය. නිශ්ශංක මල්ල රජතුමා සප්තකන්‍යා කඳුවැටියට පහතින් වැටී ඇති මාර්ගයෙන් ගමන් කොට සිරිපා වන්දනා කළ බවද මෙම කඳුවැටිය සම්බන්ධයෙන් කියැවෙන ජනප්‍රවාද අතරේ කියැවේ.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

ජගත් – ශෂී විජේන්ද්‍ර ගොඩ ගියා! කමල්ට – රන්ජන්ට – රුවන්තිට වෙච්ච දෙයක්! දැන්වත් කලාව කරගෙන ඉඳපල්ලා! Sri Lanka Latest News

Next Post

අලුත් ආණ්ඩුවට පුළුවන් රට අලුත් කරන්න! අද බෑ කියන එක නවත්තන්න! ආපහු හැරවිලි ඉවර කරන්න! කාලය ඉතිරි කරවන්න! රාජකාරි කාර්යක්ෂම කරන්න! Sri Lanka Latest News

MORE NEWS

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.