• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත් ආණ්ඩුවට පුළුවන් රට අලුත් කරන්න! අද බෑ කියන එක නවත්තන්න! ආපහු හැරවිලි ඉවර කරන්න! කාලය ඉතිරි කරවන්න! රාජකාරි කාර්යක්ෂම කරන්න! Sri Lanka Latest News

November 24, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
අලුත් ආණ්ඩුවට පුළුවන් රට අලුත් කරන්න! අද බෑ කියන එක නවත්තන්න! ආපහු හැරවිලි ඉවර කරන්න! කාලය ඉතිරි කරවන්න! රාජකාරි කාර්යක්ෂම කරන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අලුත් ආණ්ඩුව පත්වුණා. අලුත් ජනාධිපතිවරයෙකුත් එක්ක අලුත් ආණ්ඩුවක් පත්වුණා. අලුත් ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයකුත් හිමිවුණා. තමන්ගේ ජනාධිපතිවරයෙක් ඉන්නවා දැන්. තුනෙන් දෙකේ බලයක් තියෙනවා දැන්. දැන් මේ ආණ්ඩුව ඉතාම ශක්තිමත්. කාලෙකින් මේ විදියට ශක්තිමත් ආණ්ඩුවක් අපි දැක්කේ. ආණ්ඩුවේ ඉන්නේ 50%කටත් වඩා අලුත්ම අලුත් මැති ඇමැතිවරු. ඒගොල්ලෝ හොරකම්වලට සම්බන්ධ නෑ. හොරකම්වලට අත උස්සලත් නෑ. රටේ වෙච්ච නරක කිසිම දේශපාලන ක්‍රියාකාරකමකට සම්බන්ධ වෙලත් නෑ. ඒ නිසා මේගොල්ලන්ට මේ රට ඇතුළේ වැඩ කරන එක හරිම පහසු තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. (Sri Lanka Latest News)

රටේ මිනිස්සු සමහර වෙලාවට 80%ක 82%ක ජන බලයක් ලබාදුන්නා. රාජ්‍ය සේවකයෝ අතිශය කැමැත්ත පළකළා. ඒ නිසා මේ තමයි අපේ රටේ දේශපාලන විප්ලවයක් සිදුවෙනවා නම් සිදුවෙන්න හොඳම වෙලාව. මේ වෙලාවේ දේශපාලකයන්ට පුළුවන්කම තියෙනවා දැන් තමන් සතු බලය පාවිච්චි කරන්න. බලය කියලා කියන්නේ ආයුධවලින් පාවිච්චි කරන බලයක්වත්, චණ්ඩිකමින් පාවිච්චි කරන බලයක්වත් නෙවෙයි. ඒ අයට ව්‍යවස්ථාවෙන් හිමිකරලා දීලා තියෙනවා බලයක්. ඒ තමයි ව්‍යවස්ථාදායක බලය. විධායක බලය දැන් මේ ආණ්ඩුව සතුව තියෙනවා. ඒ තමයි ඒ අයගේ ජනාධිපතිවරයෙක්, රටේ පිළිගත්ත ආදරය දිනාගත්ත ජනාධිපතිවරයෙක් ඔවුන් සතුව ඉන්නවා. මේක ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව පත්වෙච්ච නිශ්චිත පත්කිරීමක්. ඒ නිසා කිසිම ගැටලුකාරී තත්ත්වයක් මේ වනතුරු නිර්මාණය වෙන්නේ නෑ. ඒ වගේම රටේ ආණ්ඩුවට හොඳ බලවත් කණ්ඩායමක් පත්වෙලා තියෙනවා. ඒ අතර ඉන්නවා මහාචාර්යවරු, වෛද්‍යවරු, නීතිඥවරු, ගුරුවරු, උගත්තු, වෘත්තිකයෝ, කාලයක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක මහපොළොවේ දේශපාලනය කරපු අය, දේශපාලනයට අලුත් මූණු. මේ හැමෝම එක වගේ වැඩ කළොත් රට හදන එක ඉතා පහසු වෙයි කියලා අපි හිතනවා. මේක අපේ රටේ ඉන්න හැම පුංචි දරුවාගෙම සිට වැඩිහිටියා දක්වාම සුබ ලකුණක්. සුබ නිමිත්තක්.

මේ අය පත්වෙච්ච ගමන් අපිත් ඇතුළු හැමෝම මේ අයට යෝජනා කරන්න ගන්නවා හොරු අල්ලමු, දැන් සීනි බදු වංචාව අල්ලමු, දැන් මහ බැංකු වංචාව අල්ලමු, දැන් පාස්කු ප්‍රහාරයේ වැරැදිකාරයෝ අල්ලමු, අර වැරැද්ද ගැන හොයමු, දඬුවම් කරන්න පටන් ගමු කියලා. ඇත්ත කතාව තමයි එහෙම අපි කිව්වට දඬුවම් කරන්න, හොරු අල්ලන්න, වංචා නවත්තන්න, බැලූ බැල්මට එක මොහොතට, එක දවසට කරන්න බෑ. ඒක ලොකු වැඩක්. සංකීර්ණ ක්‍රියාදාමයක්. ඒවා කරපු අය කරලා තියෙන්නෙත් අහු නොවෙන විදියට. අවුරුදු ගානක් තිස්සේ මේගොල්ලෝ මේ විදියට කරලා, හොරකම් කරලා පදම් වෙච්ච දේශපාලකයෝ. ඒ නිසා පදම් වෙච්ච දේශපාලකයන්ගේ, පදම් වෙච්ච හොරුන්ගේ වංචා අල්ලන්න පොඩි කාලයක් යනවා. බැලූ බැල්මට අද ඉඳලා හෙට ඉඳලා හොරකම් නවත්තන්න පුළුවන්. හැබැයි හොරු අල්ලන එක ලේසි දෙයක් නෙවෙයි කියලා අපි කාටත් තේරෙනවා. හැබැයි මේ ආණ්ඩුවට තියෙනවා කරන්න වෙන වැඩක්. ඒ තමයි මහ හොරු අල්ලනවා වෙනුවට පොඩි පොඩි වැරැදි ටික රටේ හදන එක. අපි දන්නවා කන්තෝරුවකට අපි දෙයක් කරගන්න ගියාට පස්සේ බොහෝ අවස්ථාවලදී අපට අහන්න ලැබෙන දෙයක් තමයි ‘අද ඒ මිස් නිවාඩු’, ‘අද ඒ මිස්ට බබෙක් හම්බවෙලා, ඒ නිසා ඒක කරගන්න විදියක් නෑ’ කියලා මිනිස්සු ආපහු හරවලා යවනවා. මේක අධ්‍යාපන අමාත්‍යාංශය වගේ ප්‍රධාන ආයතනවලත් අපට අහන්න ලැබෙනවා. සමහර වෙලාවට ලංකාවේ එහා කොනේ ඉඳන් මෙහා කොනට ආපු මිනිස්සුන්ට මිස් එන්න පරක්කු වෙන හින්දා ගෙදර යන්න වෙනවා. සර්ට රැස්වීමක් හින්දා ගෙදර යන්න වෙනවා. සර්ගේ බබාගේ කොන්සර්ට් එක අද. ඒ නිසා සර් අද එන්නේ නෑ. ඒ හින්දා වැඩේ කරගන්න බැරුව ගෙදර යන්න වෙනවා. ආණ්ඩුවේ බැංකුවකට වැඩක් කරගන්න ගියාමත් එහෙමයි. පැය ගණන් රස්තියාදුව. මිනිස්සු පෝලිමේ. කවුන්ටර් තුන හතරක් තිබ්බට වැඩ කරන්නේ එක කවුන්ටරයයි. අන්න ඒවා නම් මහත්තයෝ දැන් නතර විය යුතුයි.
පාස්පෝට් කන්තෝරුවේ දැඩි පෝලිම් අපි දකිනවා. ඒවට ක්‍රමවේදයක් නෑ. වාහනයක පොතක් ට්‍රාන්සර් කරගන්න ඕනෙ වුණාට පස්සේ ඒකට අතරමැදියෝ 10ක 15කගෙ සහාය ගන්න ඕනේ. ඒ මිනිස්සුන්ට අතේ තියෙන හැම තුට්ටුවම දීලා දාන්න ඕනේ. අන්න ඒවා නවත්තන්න දැන් කාලේ හරි. ආයතනයකට ගියාට පස්සේ ඒ ආයතනයට එන මිනිස්සුන්ව සත පහකට ගණන් නොගන්න රාජ්‍ය නිලධාරීන්ගෙන් ලංකාවේ රාජ්‍ය ආයතන පිරිලා ඉතිරිලා ගිහිල්ලා. නිවාඩුවක් ගන්න, මාරුවීමක් හදාගන්න ඉතා දුෂ්කරයි. බොහෝ වෙලාවට ලිංගික අල්ලස්වලට වැඩි ඉඩක් ලැබෙනවා. මේක ලංකාවේ තියෙන ප්‍රධාන පෙළේ ඇතැම් මාධ්‍ය ආයතනවල දකින්න ලැබෙන කනගාටුදායක තත්ත්වයක්. මේ වගේ ප්‍රශ්න නිරාකරණය කරන්න නම් මේ ආණ්ඩුවට දැන් ලොකු වගකීමක් තියෙනවා සහ යුතුකමකුත් තියෙනවා. මොකද මිනිස්සු විශ්වාසය තිබ්බේ මේ ආණ්ඩුව ගැන.

මේ ආණ්ඩුවේ අලුත් ක්‍රියාකලාපය ගැන. ටෙන්ඩර් එකක් පාස් කරගන්න, මොනවා හරි දෙයක් ලබාගන්න, කෝටි ගානක් සල්ලි වියදම් කරන්න වෙච්ච පරිසරයක් අපි ඇස්පනාපිට දැක්කා. මේ වගේ තත්ත්වයන් වෙනස් විය යුතුයි කියන එකයි අපි නිරන්තරයෙන්ම හිතන්නේ. රජයට ඡන්දේ දුන්න මිනිස්සු හිතන්නේ පඩි වැඩිකිරීම්, තනතුරුවල ඉහළ යෑම් මේ හැම දේම ක්‍රමෝපායක් යටතේ සිදුවිය යුතුයි. ලිංගික අල්ලස් දුන්න පලියට, ලස්සන වෙච්ච පලියට, යාළු කරගන්න ලේසි වෙච්ච පලියට, විශ්වවිද්‍යාලවල ස්ටාෆ් එකට යන්න ගෑනු ළමයින්ට තිබුණු අවස්ථාව නැතිකරන්න ලංකාවේ ඉන්න මහාචාර්යවරු වැඩි පිරිසක් ඉන්න පාර්ලිමේන්තුවට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉන් කිහිපයක් විතරයි අපි කිව්වේ.

ගේ ඉස්සරහා තියෙන ලයිට් කණුවට ලයිට් එක දාගන්න, කැඩිච්ච පාර හදාගන්න, ජල නළ පද්ධතිය ක්‍රමවත් කරගන්න මේ රටේ දේශපාලනය විතරක් වැදගත් වෙච්ච යුගයක් තමයි අපි පහුගිය කාලේ ගතකළේ. සමහර තැන් තියෙනවා පවුල් 5ක් 6ක් දේශපාලනයේදී අනෙක් පැත්තේ හින්දා පාරවල් හදලා නැති. සමහර තැන් තියෙනවා පවුල් 5ක් 6ක් අනිත් පැත්තට ඡන්දේ දෙන හින්දා ලයිට් එක හදලා දෙන්නේ නැති. කණ්ඩායමක් විදියට වැඩ කරන කොට ඒ කණ්ඩායමට රිදවන්න අවශ්‍ය කරන නිසා ඒ ගමේ මිනිස්සුන්ට පාඩු කරන්න අවශ්‍ය නිසා පාරේ බස් එක අයින් කරපු, වැඩිම ඡන්දේ දුන්නේ අනිත් පැත්තට හින්දා බස් එක යන එක නතර කරපු තැන් අපි අහලා තියෙනවා. දැකලා තියෙනවා. මේවා දැන් වෙනස් විය යුතුයි. මේ වෙලාවෙත් ඒවා වෙනස් වෙන්නේ නැත්නම් සියලු වරප්‍රසාද ලැබෙන්නේ දේශපාලනිකව නම්, සියලු වරප්‍රසාද දෙන්නේ තමන්ගේ පක්ෂයේ අයට නම්, තමන්ගේ කණ්ඩායමේ අයට නම්, තනතුරු තාන්න මාන්න බෙදලා දෙනකොට මොන සුදුසුකමක්වත් නැති වුණත් පක්ෂයට ඡන්දේ දුන්නා විතරයි කියන සාධකය මත ග්‍රාමනිලධාරීන් පවා ලංකාවේ පත්වෙලා තියෙන බව අපි දන්නවා. ඒ නිසා මේ වගේ ක්‍රමවේදයන් නැතිකරලා දාලා අලුත් බලාපොරොත්තුවක් එක්ක මේ රට හදන්න කියලා අපි ඉතාම ආදරයෙන් ගෞරවයෙන් අලුත් පාලකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ විතරක් නෙවෙයි. අද බස් එකකට ගොඩවුණොත් කොන්දොස්තර ඉතුරු රුපියල් 2, 3, 5 දෙන්නෙම නෑ. ඉල්ලුවොත් මගියාට කෑගහනවා. ත්‍රීවීල්වල හිතූ හිතූ මිල ගණන් අයකරනවා. කිසිම ප්‍රමිතියක් නෑ. දැන්වත් මේවා නවත්වන්න. අඩු මිලට හයර් දුවන පික්මී වාහනයකටවත් මේ අය ඉන්න දෙන්නේ නෑ. පහුගිය කාලේ වාර්තා වුණා කටුනායක, සීගිරිය වගේ පැතිවල හයර් දුවන අය පික්මී වාහනවලට ගහලා පැන්නුවා කියලා. මේවා සම්පූර්ණයෙන්ම නවත්වන්න ඕනේ. මොකද දැන් ජනතාවට ඕනේ කීයක් හරි අඩු මිලට තමන්ගේ ගමන් බිමන් යන්න. බඩුමුට්ටු ගන්න. ඉතින් එහෙම එකකට විරෝධය පළකරන අය ඉන්නවා නම් ඒ අය පොඩි පොඩි හොරු හැටියට තමයි අපි දකින්නේ. ලොකු හොරු අල්ලන්න ඉස්සෙල්ලා මේ පොඩි හොරු ටික ඉවර කරලා ඉන්න ඕනේ.

ඔබට දෙන්න දැන් උත්තර නෑ. මොකද විධායක බලය, තුනෙන් දෙකේ බලය සියල්ලම තියෙනවා. එහෙම බලයක් තියෙන මේ වගේ ආණ්ඩුවකටත් වැඩ කරන්න බැරි නම්, හොරකම් කරලා නැති, මැරකම් කරලා නැති, ජඩකම් කරලා නැති, 80%ක විතර බහුතරයක් මේ වෙලාවේ ඔබත් එක්ක ඉන්න බව අපි දන්නවා. ඒ නිසා මේ උගතුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන්, මේ හොඳ මිනිස්සුන්ගෙන් වැඩක් අරගෙන, රටට යහපතක් කරලා, රට සුබ කරලා දෙන්න කියලා අපි ඔබෙන් ඉල්ලනවා. අපිට ඉර හඳ තරු ඉල්ලන්න බෑ. මහාපරිමාණ වංචා, මහාපරිමාණ හොරකම්, මහාපරිමාණ අපරාධ ලංකාවේ සිද්ධ වුණා. ඒක ඇත්ත. ඒවා කරපු මිනිස්සු ඒවායේ පරීක්ෂණ වාර්තා හෙළි නොවන විදියට සියලු පරිසරය හදලා තියෙන බව අපි දන්නවා. ඒ නිසා එවැනි පරිසරයක් යටතේ මේ රට හදන්න, මේ රටේ එවැනි අපරාධ අල්ලන්න ඔබට අපි බලකරන්නේ නෑ. හැබැයි අපි ඔබට බලකරනවා මෙන්න මේ තත්ත්වය හදලා දෙන්න. රට ඇතුළේ සාමාන්‍ය මිනිහට ජීවත් වෙන්න පුළුවන් සාමාන්‍ය දේවල් ටික එහෙට මෙහෙට කරලා විසඳලා දෙන්න පුළුවන් නම් ඔබට බොහොම ස්තුතියි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සප්තකන්‍යා අනතුර වාර්තා කරන්න අවුරුදු 50කට කලින් මහ රෑ ගිය මාරාන්තික ගමන! ගිනි දැල් අහස උසට ගියා! ගස් උඩ මිනී පිච්චෙමින් තිබුණා! යානයේ කෑලි හැම තැනම විසිරිලා! Sri Lanka Latest News

Next Post

රට හදන තැන ඉඳන් රට හදන හැටි කියපු අනුර! හොර බොරු නැති රාජ්‍ය සේවයක්! ජාතිවාදය බෑ! ආගම්වාදය නෑ! නීතිය ජනාධිපතිටත් එකයි! අපරාධකාරයෝ හෙළිදරව් කරනවා! මූල්‍ය අරමුදලත් සමග ඉදිරියට යනවා! ණය ප්‍රතිව්‍යුහගත කිරීම දෙසැම්බර් අවසන්! Sri Lanka Latest News

MORE NEWS

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව යළිත් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊට ප්‍රතිචාර වශයෙන් ලෝක බලශක්ති ප්‍රවාහනයේ ප්‍රධානතම මර්මස්ථානයක්...

Read more
අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.