මාසයකට වැඩි කාලයක් පනවා තිබූ ඇදිරි නීතිය එළැඹෙන සදුදා පෙරවරු 05.00 රට පුරාම ඉවත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ඒ අනුව කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම යන අධි අවධානම් දිස්ත්‍රික්කවලද ඇඳිරිනීතිය සදුදා උදෑසන පහට ඉවත් වීමට නියමිතව ඇති අතර සෙසු දිස්ත්‍රික්කවලද එම වේලාවටම ඇදිරි නීතිය ඉවත් කරන බවත්, අධිඅවදානම් දිස්ත‍්‍රික්ක ලෙස සලකන දිස්ත්‍රික්කවලට පිවිසීම හා ඉන් පිටවීමක් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවත් එම නිවේදනයේ සදහන්ය.
පොලිස් මූලස්ථානය විසින් අද නිකුත් කර ඇති නිවේදනයේ නැවත ඇඳිරි නීතිය පැනවීමක් ගැන සඳහන් කර නැත.











