අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා (19දා) දින ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර ඉතා තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.
අරලියගහ මන්දිරයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට ආණ්ඩුව නියෝජනය කරන සියලුම පක්ෂ සහභාගි වීමට නියමිතය.
මෙම සාකච්ඡාවේදී මැයි රැලිය පවත්වන ආකාරය සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීම ඇතුලු දැනට ආණ්ඩුව ඇතුළේ මතුව ඇති දේශපාලන ගැටලු ගණනාවක්ම සාකච්ඡා වීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.










