ප්‍රවෘත්ති සාකච්ජාවක් පවත්වා ආණ්ඩුවේ ක්‍රියාකලාපය විවේචනය කිරීම හේතුවෙන් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කිරීමට එම පක්ෂය තීරණය කර ඇත.
ඒ අනුව පක්ෂයේ විනය නීතිරීතිවලට අනුව එම පරීක්ෂණය ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව පැවසේ.
පරීක්ෂණ අවසානයේ විජයදාස රාජපක්ෂ මහතා වැරදිකරු වුවහොත් ඒ මහතා සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමටද පොහොට්ටුවේ ප්‍රධානීන් සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.










