අතුරුදහන් වු ළමයකු සොයා ගැනීම සදහා ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය මහජනතාවගේ සහාය ඉල්ලා සිටී.
නො55, තලාහේන, මීගමුව නිවසෙහි පදිංචිව සිටි වසය අවුරුදු 02යි මාස 10ක් වන මිෂෙලි ප්‍රභාෂි සෙනෙත්මා දැරිය අතුරුදහන් වී ඇති බව එම දැරියගේ මව වන මොහොමඩ් ෆේනෝෂ් ෆාතිමා අග්මා විසින් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වෙත දැනුම් දී ඇතැයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ ඊයේ (16) විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් මාධ්‍ය වෙත නිවේනය කර ඇත.
මෙම දැරිය පිළිබදව යම් තොරතුරක් දන්නා අයෙක් වේ නම් ඉතා ඉක්මනින් ඒ පිළිබදව දුරකථන අංක 0112-778911 හෝ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ ළමා උපකාර දුරකථන අංකය වන 1929ට දැනුම් දෙන ලෙස ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.










