සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මැතිවරණ ප්රචාරක ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතා අද (27) අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ බැහැ දකිනු ලැබීය.
කොළඹ අගරදගුරුතුමන්ගේ නිල නිවසේ දී ඒ හමුව සිදුවූ අතර එහිදී පිරිස සුහද කතාබහක බහක යෙදිණ.
අගරදගුරුතුමන් විසින් ගෙන යන උතුම් කටයුතු උදෙසා සිය සහයෝගය මෙන්ම ගෞරවය ද පිරිනමන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පසුගිය දිනෙක දේශපාලන වේදිකාවේදී හරීන් ප්‍රනාන්දු මහතා කාදිනල් හිමි සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් ආන්දෝලනයක් මතුව තිබිණ.
මෙහිදී ප්‍රේමදාස මහතා පැවසූයේ පසුගිය දිනවල පැවැති මතිමතාන්තර පිළිබද අදහස් හුවමාරු කරගෙන සියල්ලන්ම එක් තැනකට පැමැණි බවකි.










