සතියේ දින හතේම සිසුන් සදහා පාසල විවෘත කර තැබීමට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සැලසුම් කර ඇති බව දැනගනන්ට ඇත.
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් සිසුන්ගෙන් මග හැරුණු පාසල් පැය ගණන 270ක් බවත්, එය යළිත් සිසුන්ට ලබා දීම අරමුණු කරගෙන මෙසේ සතියේ දින 7ම පාසල් විවෘත කර සිසුන්ට අධාපනය ලබා දීමට අමාත්‍යවරයා තීරණය කර ඇති බවත් පැවසේ.
කෙසේවෙතත් මෙහිදී ගුරුවරුන් සහ සිසුන් දින හතේම පාසැල් පැමිණීමට අවශ්‍ය නැති අතර දින 4ක් පැමිණීම ප්‍රමාණවත් බවද අධ්‍යාපන අමාත්‍යවරයාගේ අදහස වී තිබේ.
එමෙන්ම කුඩා කණ්ඩායම් වශයෙන් සිසුන්ට අධයාපනය ලබා දීමද මෙහි එක් අරමුණක් බව දැනගනන්ට ඇත.










