• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් කාන්තාවන් එක්ක නෙළුම් පොකුණේ කරපු දේ…

July 14, 2020
in Exclusive
Reading Time: 9 mins read
A A
සජිත් කාන්තාවන් එක්ක නෙළුම් පොකුණේ කරපු දේ…
Share on WhatsAppShare on Facebook

කාන්තා හිංසනයට එරෙහිව දැඩි නීති ගෙනෙන බවත්, කාන්තාවන් සුරකින්නට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසන බවත් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.

ඊයේ (13) නෙළුම්පොකුණ රගහලේ පැවති ‘සමගි වනිතා බලවේගයේ’ සමාරම්භක උත්සවයට එක් වෙමින් ඒ මහතා මෙසේද කීය.

ලංකාවේ දැවැන්තම කාන්තා බලවේගය සමගි කාන්තා බලවේගය නිර්මාණය වන මොහොත අද ඉතිහාසයගත වෙනවා.   අපේ රටේ  කාන්තා පරපුර මේ රටේ  ආර්ථික,සමාජ,සංස්කෘතික ,දේශපාලනික වශයෙන් වැදගත් කාර්‍යභාරයක් ඉටු කරනවා. ඔවුන්ගේ සමාජ ආර්ථික සංස්කෘතික දේශපාලනික සහ සිවිල් අයිතිවාසිකම් සියල්ල සුරක්ෂිත කරන ගමනක් සමගි ජන බලවේගය  ආරම්භ කරන බවට මම   ඔබට සහතික වෙනවා.  

     මේ අවස්ථාව වෙනකොට යුනිසෙෆ් ආයතනය ප්‍රකාශ කරනවා අපේ රටේ කාන්තාවන්ගෙන් සියයට තිහකට තවමත් හරිහමන් ආහාර නැහැ කියලා. ඒ වගේම ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව අවම මට්ටමකට වැටිලා. අද වෙනකොට කාන්තාවන් වෙනුවෙන් කැපවීම වචනවලට පමණක් සීමා වෙලා. ඔවුන් දේශපාලන අතකොලු බවට පත් කරලා. මේ වගේ මොහොතක  සුවහසක් කාන්තාවන් උදෙසා ප්‍රායෝගිකව මැදිහත් වෙමින් දැවැන්තම කාන්තා විප්ලවයක් සිදු කිරීමයි අපේ අරමුණ .

   තමුන්නාන්සේලා දන්නවා පහුගිය ජනාධිපතිවරණයේදී අපි ඉතාම අගනා ප්‍රඥප්තියක් එළිදැක්වූවා. ඒ කාන්තා ප්‍රඥප්තිය තුළ මේ සියලුම කාන්තාවන් වෙනුවෙන් විශාල කරුණු කාරණා රාශියක් අන්තර්ගත වුණා. අපි විශ්වාස කරනවා කාන්තාවන් වෙනුවෙන් නිර්මාණය වුණු විශිෂ්ටතම සහ අගනාම ප්‍රඥප්තියක් විදිහට ඒ ප්‍රඥප්තිය. නමුත් ජනාධිපතිවරණයේ දී අපට ජයග්‍රහණය කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කරලා, මේ කාන්තා ප්‍රඥප්තිය නීතිමය ලියවිල්ලක් බවට පත් කරනවා. ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවට තමුන්නාන්සේලාට පොරොන්දු වෙනවා.  

 මේ රටේ 52% ක ට වැඩි ප්‍රමාණයක් ඉන්නේ කාන්තාවන්. නමුත් ඔවුන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් කිසිවක් කරලා නැහැ. රටේ ශ්‍රම දායකත්වයට කාන්තාවන් නිසිපරිදි යොමු කරලා නෑ.

අපි කියනවා කාන්තා සංවර්ධනයට කාර්යසාධක බලකායක්  ආරම්භ කරනවා.ඒක අගමැතිවරයාගේ මූලිකත්වයෙන් වැඩ කරනවා. කාන්තා අවශ්‍යතාවයන්, කාන්තාවන්ගේ සුභසාධනය, ඔවුන්ගේ  සෞඛ්‍යමය  අවශ්‍යතාවයන්,ඔවුන්ගේ රැකවරණය,ඔවුන්ගේ ආරක්ෂාව  වෙනුවෙන් අපි ඒ කාර්‍යසාධන බලකාය හරහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

 විශේෂයෙන්ම කාන්තාවන්ගෙ මන්දපෝෂණය දුරු කරලා ඔවුන් නීරෝගී ශක්ති සම්පන්න මවක් හැටියට නිර්මාණය කිරීමේ වගකීම රජයකට පැවරෙනවා. ඔබ දන්නවා අද වන විට කාන්තාවන් විශාල ප්‍රශ්නවලට මුහුණ දීලා.අනෙක් අතට  නිරෝගී  දරු පරපුරක් රටට අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් මව නිරෝගීමත්ව සිටීම වැදගත් වෙනවා. ඒ නිසා හැම අතින්ම සෞඛ්‍යසම්පන්න කාන්තාවක් නිර්මාණය කිරීම වගකීමක් වෙනවා.   

විශේෂයෙන්ම කාන්තා මූලික පවුල් ඒකක අද පුදුමාකාර ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ඇය  සුරකින්න අපි කැපවෙනවා.  අවශ්‍ය ශක්තිය අපි ලබා දෙනවා.

ක්ෂුද්‍රමූල්‍ය ණය නිසා බොහෝ කාන්තාවන් පුදුමාකාර මර උගුලකට අහුවෙලා ඉන්නවා.මේ ව්‍යසනය කාන්තාවන්ගේ ජීවිත විශාල ව්‍යසනයකට ඇදලා දාලා තියෙනවා .

අපි වහාම මේ ක්ෂුද්‍රමූල්‍ය ණය උගුලෙන් කාන්තාවන් මුදවා ගන්නවා.

මේ රටේ ශ්‍රම බළකාය තුළ කාන්තා දායකත්වය විධිමත් කරනවා. එහිදී පවුල් ඒකකයට ගැටලුවක් නොවන ලෙස ඔවුන් ශ්‍රම බළකායට එක් කර ගන්නවා. 

අපේ රටේ ස්වයංරැකියා ක්ෂේත්‍රයේ කාන්තාවන් විශාල පිරිසක් ඉන්නවා.ඔවුන්ගේ එම වෘත්තිය විධිමත්ව සකස් කිරීමට අපේ සහය ලබා දෙනවා.ඔවුන් වෙනුවෙන් පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කරලා ඔවුන් ජාත්‍යන්තර මට්ටමේ දියුණු තලයකට ගෙන ඒමට කටයුතු කරනවා. 

ඇගලුම්කම්හල්වල සේවය කරන කාන්තාවන් ගැන බලන්න.ඒ වැඩසටහන ආරම්භ කළේ මේ රටේ කාන්තාවන්ට ස්වාධීනව ශක්තිමත් ලෙස තමන්ගේ කටයුතු ඉටුකරගන්න පුලුවන් ආරථිකයක් හදන්න යි.ඔවුන් ඒ තුලින් කාටවත් අත නොපා ජීවත් වුනා.ජීවිතය සකස් කර ගත්තා.තමන්ගේ පවුල පවා ගොඩ නැගුවා.

අද අවශ්‍යතාවය වෙන්නේ එයින් ඔබ්බට ගිය,නව තාක්ෂණය එක්ක ඉදිරියට ගිය ආර්ථික මාවතක් විවෘත කිරීමයි. 

    අද වෙනකොට එතෙර ඉන්න කාන්තාවන් පිළිබඳව බලන්න.ඔවුන් අන්ත අසරණ වෙලා. පහුගිය මැතිවරණය කාලේ රට විරුවන් කියලා හඳුන්වපු එතෙර කාන්තාවන් අද වන විට මොන තැනකට ඇදලා දමලා ද?. ඔවුන් කෝවිඩ් බෝම්බකරුවන් ලෙස ආණ්ඩු ආණ්ඩුව හඳුන්වා දෙමින් ඉන්නවා. දස දහස් ගණනින් මැදපෙරදිග වැඩ කරන අපේ කාන්තාවන් අසරණ වෙලා ඉන්නවා. ඒ අසරණ කාන්තාවන් වෙනුවෙන්,ඒ අපේ පුරවැසියන් වෙනුවෙන් විදේශීය තානාපති කාර්යාලය සමඟ කතා කරලා අපිට පුළුවන් වුණා ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්න.අපි ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කරන්න අපේ උපරිම කැපවීම සිදු කළා.ඒ ගැන අපි සතුටු වෙනවා.ඒත් ආණ්ඩුවට වගක්වත් නෑ.

අද බලන්න, කාන්තාවන් දේශපාලන අතකොලු බවට පත් කරලා.පහුගිය ජනාධිපතිවරණය වෙලාවේ විශාල පොරොන්දු දීලා කාන්තාවන්ගේ ඡන්දය ලබා ගත්තා.නමුත් අද ඒ සියලු දෙනා ව්‍යසනයට ඇදලා දාලා.

ප්‍රේමදාස ජනාධිපතිතුමා රටේ යුද්ධ දෙකක් තියෙද්දිත් ගෙවල් හැදුවා,ජනසවිය දුන්නා,නිල ඇදුම් දුන්නා,දිවා ආහාරය දරුවන්ට දුන්නා.ගම් උදා හැදුවා,ජංගම සේවා තිබ්බා.මොනතරම් දේවල් කළාද.

නමුත් අද මොකද වෙන්නේ.

අපි ඔබට කියනවා,සහතික වෙනවා,

බලය ලබාගෙන මාස තුනක් තුල අපි කාන්තා හිංසනයට,ළමා හිංසනයට සහ අතවර වලට එරෙහිව දැඩි නීති ගෙනෙනවා.දැඩි දඩුවම් ගෙනෙනවා.

ඒ වගේම හැම අම්මෙක්ගෙම සිහිනය රටට වැඩදායී දරුවෙක්.බලන්න මත් උවදුර නිසා මොනතරම් විනාශයක් වෙලාද.එලියේ ඉන්න සමහරුන්ට වඩා හිරේ ඉදලා මත් ද්‍රව්‍ය විකුණනවා.අපි දන්නවා සිංගප්පූරුව වගේ රටවල මේ මත් උවදුර නතර වෙලා තියෙන්නේ දැඩි දඩුවම් නිසා.ඒ නිසා අපි කියනවා මත් ජාවාරම්කරුවන්ට විරුද්ධව අපි මරණ දඩුවම ගෙන එනවා.ස්වාධීන අපක්ෂපාතී අධිකරණ තීන්දුවකින් පසුව එම දඩුවම පැනවිය යුතුයි. ඒ වෙනුවෙන් කතිකාවක් ආරම්භ කරමු කියලා යෝජනා කරනවා.

සමගි ජනබලවේගයේ අනුබද්ධිත සමගි වනිතා බලවේගයට විශාල පිරිසක් එක්ව සිටියහ. 

SendShareShare
Previous Post

කිලිනොච්චි මණ්ඩපය වහයි: ගිරිබාවේ 47ක් නිරෝධායනයට: රාගම බ්‍රවුන්ස් වහයි

Next Post

නාමල් ජනාධිපති වන බව ජොනී කල් තියාම කියයි (VIDEO)

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.