ගිරිබාව ප්‍රදේශයේ පවුල් 17 කට අයත් පුද්ගලයන් 47 දෙනෙකු ස්වයං නිරෝධායනයකට ලක් කිරීමට කටයුතු කර තිබේ.
රාජාංගනය ප්‍රදේශයේ පැවති අවමඟුල් උත්සවයකට සහභාගී පිරිසක් හා එසේ සහභාගී වූ අය ඇසුරු කළ පිරිසක් මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කළ ගිරිබාව පොලිසිය සඳහන් කරයි.
මේ අතර යාපනය විශ්ව විද්‍යාලයේ කිළිනොච්චිය මණ්ඩපය ඊයේ (13) සවස සිට දින නියමයක් නොමැතිව වසා දමා ඇත.
මේ මණ්ඩපයේ සිසුන් සදහා පැවැත්වීමට නියමිතව තිබූ සියලුම විභාගද දින නියමයක් නොමැතිව කල් දමා ඇත.
යාපනය විශ්ව විද්‍යාලයේ කිළිනොච්චිය මණ්ඩපයේ ඉගෙනුම ලබමින් සිටින සිසුවෙකුගේ සහෝදරයෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන අතර ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග මෙම තීරණය ගෙන ඇත.
මීට අමතරව රාගම පිහිටි බ්‍රවුන්ස් මෙල්ස්ටා පෞද්ගලික රෝහල මේ වන විට වසා දමා තිබේ.
එහි කළමනාකාරීත්වයේ නිලධාරියකුට කොරෝ්නා වෛරස ආසාදනය වී යැයි සැකය මත මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ.










