පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට අදට (21) දෙවසරක් පිරීම නිමිත්තෙන් ප්‍රහාරයෙන් මියගියවුන් සහ වින්දිතයින් සිහිකර විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම මන්ත්‍රී කණ්ඩායම අද උදෑසන 8.45ට මිනිත්තු 2ක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලැබීය.
මෙහිදී ප්‍රහාරයට විරෝධය පා සියලුම මන්ත්‍රීවරුන් කළු පැහැ ඇඳුම් පැළද සිටීම විශේෂ සිදුවීමකි.















