මේ දිනවල යාපනේ මැතිවරණ ප්‍රචාරක කටයුතවල නිරතව සිටින සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (02) සවස්වරුවේ යාපනේ තරුණයින් සමග පාපන්දු ක්‍රීඩාවේ නිරත වීමට පියවර ගෙන තිබිණ.
ඒ අනුව නල්ලූර් කෝවිලේ පැවැති ආගමික වතාවත්වලින් පසු ඒ ආසන්නයේ පැවැති ක්‍රීඩාපිටියේ තරුණයන් සමග පාපන්දු ක්‍රීඩා කිරීමට ප්‍රේමදාස මහතා කටයුතු කොට තිබේ.














