• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වරායේ දොඹකර බාන්න කියයි: ප්‍රශ්නවලට ඊළග කැබිනට්ටුවෙන් විසදුම්

July 3, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
වරායේ දොඹකර බාන්න කියයි: ප්‍රශ්නවලට ඊළග කැබිනට්ටුවෙන් විසදුම්
Share on WhatsAppShare on Facebook

අග්‍රාමාත්‍යවරයා හා වරාය වෘත්තීය සමිති අතර අද (03) පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේ පැවැති සාකච්ඡාවේදී චීනයෙන් මෙරටට ගෙන්වූ ග්‍රැන්ට්‍රි දොඹකර තුන වරායේ ගොඩබෑමට පමණක් එකඟතාවයට එළැඹිණි.

වරාය වෘත්තීය සමිති ඉදිරිපත් කරන ප්‍රශ්න සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේදි සාකච්ඡා කර විසදුම් ලබා දීමට පියවර ගන්නා බවද එහිදී අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.
ඒ අනුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ද වෘත්තීය සමිති නියෝජිතයින් එකඟතාවය පළ කළේය.

අග්‍රාමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවෙන් පසුව අදහස් දැක්වූ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා

සියලුම වෘත්තිය සමිති වරායේ ඇති වෙලා තිබෙන සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමා සමඟ අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් කළා. සාකච්ඡා කරලා අපි එකඟතාවයකට ආවා දොඹකර සියල්ල වරායේ ගොඩ බාන්න. ඒ වගේම මේ ගැටළු සම්බන්ධයෙන් කැබිනට් එකේදි සාකච්ඡා කරලා ඒ පිළිබඳව විසඳුම් ලබාදෙන්නත් අගමැතිතුමා වෘත්තීය සමිතිවලට පොරොන්දු වුණා. සියලුම වෘත්තිය සමිති අගමැතිවරයා සමඟ එකඟ වුණා. වරායේ වෘත්තිය සමිති නියෝජිතයින් තිදෙනෙක් දොඹකර උඩට නැගලා ඉන්නවා. ඔවුන් ඒවායින් බිමට බැහැලා සාකච්ඡා කරලා, මේ සඳහා විසඳුමකට එන්න එකඟ වුණා. අගමැතිතුමා සමඟ සිදු කළ සාකච්ඡාව ඉතාමත් ඵලදායී සාකච්ඡාවක් වුණා. ඒ සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා.

වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශිලි සේවක සංගමේ ප්‍රධාන ලේකම් ශාමල් සුමනරත්න

මම හිතන්නේ වෘත්තිය සමිති ඉතිහාසයේ අරගලයකින් ජයග්‍රහණය ලබාගත් සංධිස්ථානයක් ලෙස අපිට මෙය දකින්න පුළුවන්. අපි විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා රජයේ වෘත්තිය සමිතිය හැටියට අපගේ ආයතනය ආරක්ෂා කරගැනීමට හැකි වීම ගැන. මෙම සාකච්ඡාවේදි අපිට අග්‍රාමාත්‍යවරයා සමඟ කරුණු කාරණා ගණනාවක් සාකච්ඡා කරන්න හැකි වුණා. අගමැතිතුමා එක්ක කථා කළොත් මේ ගැටළුව විසඳන්න පුළුවන් කියන විශ්වාසය අපිට තිබ්බා. එම සාකච්ඡාව සඳහා අපිට පාර කපලා දුන්නේ සුමිත් විජේසිංහ මහතා. අපි සිදු කළ කැප කිරීම වෙනුවෙන් සහය දැක්වූ වෘත්තිය සමිති ක්ෂේත්‍රයේ සියලු දෙනා වෙනුවෙන් අපි ස්තූතිවන්ත වෙනවා. අපේ සටන අවසන්. ග්‍රැන්ට්‍රි දොඹකර තුන නැගෙනහිර පර්යන්තයේ ස්ථාපිත කරන ලෙස ගරු අග්‍රාමාත්‍යතුමා උපදෙස් දුන්නා. අපේ සටනේ ජයග්‍රහණය අපි ලබාගත්තා. අද මෙතැනට වරයා අධිකාරියේ සමස්ත වෘත්තිය සමිති සියල්ල ආවා. වෘත්තිය සටන් වලට නව පණක් ලබාදීම සම්බන්ධයෙන් අපි අගමැතිතුමාට, ගාමිණි ලොකුගේ ඇමතිතුමාට වගේම සමස්ථ වෘත්තිය සමිති නායකයින්ට අපි ස්තූතිවන්ත වෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වරාය සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කලුතරගේ

නැගෙනහිර පර්යන්තය සම්බන්ධව පැවැති ගැටළුව අද දිනයේ යම් ප්‍රමාණයකින් නිරාකරණය කර ගැනීමට හැකිවුණා. ඒ වගේම වෘත්තීය සමිති වල බලාපොරොත්තුව තිබුණේ නැගෙනහිර පර්යන්තය ක්‍රියාත්මක කරවීම සඳහා වූ ක්‍රියාවලිය දක්වා යෑමටයි. දැන් වෙනකොට නැගෙනහි පර්යන්තයට ගැන්ට්‍රි දොඹකර තුනක් ගෙනල්ලා තියෙනවා. ඒ දොඹකර ගොඩ බෑම සඳහා අවසරයක් නැතුව තිබිලා ඒකට විශාල ගාස්තු ප්‍රමාණයක් ලබා දෙන්න වෙලා තිබෙනවා. සේවකයෝ තුන්දෙනෙක් දොඹකර උඩ නැගලා විරෝධතාවයක එක්ක ඉන්නවා. මේ සේවකයන් තුන්දෙනාගේ ජීවිත වලට අනතුරක් තිබුණා. මේ සම්බන්ධව අපි ඇමතිතුමා එක සාකච්ඡා කළා. ඇමතිතුමාගේ සාකච්ඡාවේදී විසඳුමක් ගන්න බැරි වුන නිසා අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක් සිදුකළා. එහිදී අපට සාධනීය පිළිතුරක් ලබා ගැනීමට හැකිවුණා. එකේ එක් පියවරක් ජයග්‍රහණය කලා. ඒ පියවර තමයි ගැන්ට්‍රි දොඹකර පර්යන්ත ගත කිරීම සඳහා අපට අවසර හමුවුණා. ඒ අවසරය ලබා ගැනීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කලා. එහි දෙවන පියවර විදිහට ගැන්ට්‍රි දොඹකර ක්‍රියාත්මක කරවීම සඳහා වූ ක්‍රියා මාර්ගය වෙත අවතීර්ණ වෙන්න වෙලා තියෙනවා. ඒ නිසා අපි පළවෙනි පියවර ජයග්‍රහණය කරලා තියෙනවා. දෙවැනි පියවර ඉදිරියේ දී ජයග්‍රහණය කිරීම සඳහා අපි සියලුම වෘත්තීය සමිති එකතුවෙලා ඒ ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරලා තීරණයකට එන්නත්, පර්යන්තය ක්‍රියාත්මක පර්යන්තයක් බවට පත් කරන්නත් කටයුතු කරන්න සූදානම්.

වරාය පොදු සේවක සංගමයේ සභාපති චන්ද්‍රසිරි මානගේ මහතා

වරායේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සේවක සංගමයේ සංගමයේ සභාපතිවරයා වශයෙන් අපි බොහොම සතුටු වෙනවා අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරලා නැගෙනහිර පර්යන්තයේ ග්‍රැන්ට්‍රි දොඹකර සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබාදීම පිළිබඳව. අපි දවස් 12ක් තිස්සේ වරාය තුළ විශාල විරෝධතාවයක් අරන් ගියේ මේ ග්‍රැන්ට්‍රි දොඹකර තුන නැගෙනහිර පර්යන්ත‍යේ ස්ථාපිත නොකිරීම සම්බන්ධයෙන්. ඒ වෙනුවෙන් අපි නොයෙකුත් විරෝධතා කලා. අපේ සේවකයෝ තුන් දෙනෙක් උඩ නැගලා විරෝධතාවක් දැක්වූවා. අපි ඊයේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළා. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාගේ මැදිහත්වීම මත අමාත්‍ය ගාමිණී ලොකුගේ මැතිතුමා සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මැතිතුමා මැදිහත් වෙලා අපිට අග්‍රාමාත්‍යවරයා සම්බන්ධ කරල දුන්නා. බොහොම සුහද සාකච්ඡාවක් මේ අවස්ථාවේදී නිමාවට පත් වුණා.

මෙම අවස්ථාවට ලංකා ඛණීජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් එක්ව සිටියහ.

SendShareShare
Previous Post

සජිත් යාපනේදී ෆුට්බෝල් ගහපු හැටි (PHOTOS)

Next Post

ක්‍රිකට් පාවාදීමේ පරීක්ෂණය නවතී: මහින්දානන්ද අමාරුවේ වැටෙයි? ජනතා හඬ ජයගනී

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.