සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (29) පිටකොටුව මැනිං වෙළෙදපොළේ සංචාරයක නිරත විය.
ප්‍රේමදාස මහතා එහිදී කියා සිටියේ 1400ක් පමණ වන මැනිං වෙළෙදපොළේ වෙළෙද ප්‍රජාවගේ අයිතිවාසිකම් අහිමි කිරීමට කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් ඒ වෙනුවෙන් නොමිලේ නීති සහාය ලබා දීමට තමන් නීතිඥ කණ්ඩායමක් ලබා දෙන බවකි.
එහිදී ප්‍රේමදාස මහතාට වෙළෙදුන්ගේ ඉහළ ප්‍රතිචාරයක්ද හිමිවිය.










