• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාස අටට කරපු වෙනසට ගෝඨාට කළුතරදී ජනතාව කියපු දේ

July 30, 2020
in Exclusive
Reading Time: 7 mins read
A A
මාස අටට කරපු වෙනසට ගෝඨාට කළුතරදී ජනතාව කියපු දේ
Share on WhatsAppShare on Facebook

කෙටි කලකදී මැතිවරණ ව්‍යාපාරයේ සහ සමස්ත දේශපාලන සංස්කෘතියේ ඇති කළ යහපත් පරිවර්තනය ගැන ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ප්‍රසාදය පළ කරති.

පෝස්ටර්, බැනර්, කටවුට් සහ ගැටුම් රහිත නව මැතිවරණ ප්‍රචාරණ කලාවක් බිහිව තිබේ. එය ජනාධිපතිවරණයේ සිට මේ දක්වා රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිතුමා ගත් ක්‍රියාමාර්ගවල යහ ප්‍රතිඵලයක් බව ජනතාව පවසති.

පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස ඊයේ (29) කළුතර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත ජනාධිපතිතුමා බණ්ඩාරගම සතිපොළ භූමියේ පැවති ජන හමුවට පැමිණි අවස්ථාවේ ජනතාව එසේ සඳහන් කළහ.

අපේක්ෂක ලලිත් එල්ලාවල මහතා විසින් හමුව සංවිධාන කර තිබිණ.

ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ රටේ බහුතර ජනතාවගේ හදවත් දිනා ගෙන තිබේ. එබැවින් ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කිරීමට පාට, පක්ෂ නොසලකා ඡන්දය හිමිවනු ඇතැයි ජනතාව ප්‍රකාශ කළහ. ව්‍යවස්ථා වෙනසකින් රට ගොඩනැගීමට ආණ්ඩු බලය භාවිත කරන්නැයි ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

හිටපු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා හොරණ සති පොළ භූමියේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමාට ජනතාව මහත් හරසර පුද කළහ.

අඩු ආදායම්ලාභී සහ උපාධිලාභී රැකියා  වැඩසටහන මැතිවරණය අවසන් වූ වහාම ක්‍රියාත්මක කරන බව පැනයකට පිළිතුරු දෙමින් ජනාධිපතිතුමා කීය.

හොරණ තක්ෂිලා කණිෂ්ඨ විද්‍යාලයේ හසළි විදුමුණි දියණිය කොවිඩ් අරමුදලට පරිත්‍යාග පිණිස මුදල් කැටයක් ජනාධිපතිතුමා වෙත ප්‍රදානය කළාය.

අපේක්ෂක ලලිත් වර්ණකුමාර මහතා බැල්ලපිටිය පොදු ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගී විය. ප්‍රදේශයේ අධ්‍යාපන, කෘෂිකාර්මික සහ මාර්ග පද්ධතිය පිළිබද ගැටළු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණ.

රෙමුණ මහා විද්‍යාලයේ උමේගා සෙව්වන්දි දියණිය කොවිඩ් අරමුදල සඳහා මුදල් කැටයක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවාය.

අපේක්ෂක යසපාල කෝරළගේ මහතා ඉංගිරිය ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සහ අපේක්ෂක සංජීව එදිරිමාන්න මහතා බුලත්සිංහල මහවැලි ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජන හමුවලට සහභාගී වූ ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාව සමග සුහද කථා බහක නිරත විය.

රබර් ආශ්‍රිත නිමි නිෂ්පාදනවල කේන්ද්‍රස්ථානයක් බවට කළුතර දිස්ත්‍රික්කය පත් කිරීමේ හැකියාව ගැන සංජීව එදිරිමාන්න මහතා ජනාධිපතිතුමා සමග කතා කළේය. රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු සඳහා  වසර ගණනාවක සිට එහි සේවයේ නිරත පිරිස ස්ථිර කර බඳවාගන්නැයි යෝජනාවක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණ.

අපේක්ෂක උදේනි අතුකෝරළ මහතා බදුරලිය බස් නැවතුම්පොළ අසළ සංවිධාන කළ ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගි විය. හමුවෙන් අනතුරුව බදුරලිය නගරය වෙත ඇවිද ගිය ජනාධිපතිතුමා මග දෙපස රැස්ව සිටී ජනතාවගෙන් තොරතුරු විමසීය.

අපේක්ෂක චන්ද්‍රභානු අධිකාරම් මහතා මතුගම ප්‍රාදේශීය සභා ළමා උද්‍යානයේ සහ අපේක්ෂක අනුප පියුම් පැස්කුවල් මහතා මතුගම, ගල්මත්ත සතිපොළ භූමියේ සංවිධාන කර තිබූ ජන හමුවලට සහභාගී වූ ජනාධිපතිතුමාට මහත් ජනතා හරසර හිමි විය.

මීගම කණිෂ්ට විද්‍යාලයේ අඩු පාඩු සම්පූර්ණ කර දීමටත් වලගෙදර මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස සංවර්ධනයට පියවර ගන්නා බවත් සිසුන් කළ ඉල්ලීමට පිළිතුරු දෙමින් ජනාධිපතිතුමා පැවසීය.

කළුතර නගර සංවර්ධනය අරමුණු කරගත් යෝජනාවලියක් අනුප පියුම් පැස්කුවල් මහතා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

අපේක්ෂක පියල් නිශාන්ත මහතා බේරුවල ප්‍රාදේශීය සභා කාර්යාලය අසළ සංවිධාන කර තිබූ ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගි විය. වංචාවෙන් හා දූෂණයෙන් තොර, තමා සමග වැඩ කළ හැකි අට දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට එවන ලෙස ජනාධිපතිතුමා රැස්ව සිටී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

කළුතර දිස්ත්‍රික්කය සංවර්ධනය අරමුණු කරගත් සත් වැදෑරුම් යෝජනාවලියක් පියල් නිශාන්ත මහතා ජනාධිපතිතුමා වෙත භාර දුන්නේය.

අපේක්ෂක රෝහිත අබේගුණවර්ධන මහතා කළුතර දුම්රියපොළ අසළ ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජන හමුවට සහභාගි වූ ජනාධිපතිතුමාට මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද කළහ.

ප්‍රදේශයේ ගැටළු විමසමින් රැස්ව සිටී ජනතාව සමග ජනාධිපතිතුමා සුහද කථා බහක නිරත විය.

රෝහිත අබේගුණවර්ධන මහතාගේ වෙබි අඩවිය ද ජනාධිපතිතුමා විසින් විවෘත කෙරිණි.

හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන ආර්.ඒ. දහම්දි විහංසා දැරිය මුදල් කැටයක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවාය.

SendShareShare
Previous Post

සජිත් මාකට් එකට බහී (VIDEO)

Next Post

මහින්දගෙනුත් පුරාවිද්‍යා කමිටුවක්

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.