• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත්ට එරෙහිව දුලාංජලීව කොළඹට ගේන්න රනිල්ගෙන් මෙහෙයුමක් (රාජ්‍ය රහස්)

June 7, 2020
in Exclusive, Rajya Rahas
Reading Time: 2 mins read
A A
සජිත්ට එරෙහිව දුලාංජලීව කොළඹට ගේන්න රනිල්ගෙන් මෙහෙයුමක් (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

සාමාන්‍යයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ රනිල් සැලකෙන්නේ දේශපාලන ගේම් ගැසීමට ශූර කපටියකු ලෙසටය. නමුත් බොහෝ දෙනා කියා සිටින්නේ රනිල් මෙසේ දින ගණන්, සති ගණන් කල්පනා කොට දේශපාලන ගේම් ගැසුවද අවසන් මොහොතේ එම දේශපාලන ගේම් ආපසු කැරකී යන බවය. එසේත් නැත්නම් රනිල්ගේ දේශපාලන අනාවැකි වැල්ලේ තැනූ මාලිගා මෙන් කැඩී බිඳී යන බවකි. ඊට ආසන්නතම උදාහරණය වන්නේ මහ මැතිවරණය කල් ගොස් නාමයෝජනා අවලංගු වනු ඇති බවට සිතා රනිල් ගැසූ දේශපාලන ගේමය.
මේ ආකාරයට නාමයෝජනා අවලංගු වනු ඇතැයි සිතා මීට සති දෙක තුනකට ඉහතදී සිට රනිල් අමුතුම තාලේ දේශපාලන ගේමක් ගැසීමට කටයුතු කළේය. රනිල් එම දේශපාලන ගේම ගැසුවේ මේ වන විට ප්‍රේමදාස පවුල ඇතුළේ කිසියම් මත ගැටුමක් මතුව ඇති බවට ඔහුට ලැබුණු විශ්වාසදායක තොරතුරක් මත පදනම්වය. ඒ අනුව රනිල්ගේ සැලැසුම වී තිබුණේ ප්‍රේමදාස පවුලේ සාමාජිකයකු කඩාගෙන එජාපයට එක්කර ගැනීම හරහා එම පවුල ඇතුළේ පවතිනවා යැයි කියන ගැටුම තවත් උග්‍ර කිරීමටය. ඒ අනුව රනිල් තෝරාගත්තේ සජිත්ගේ නැඟෙනිය වූ දුලාංජලී ප්‍රේමදාසය. රනිල්ගේ අරමුණ වී තිබුණේ දුලාංජලීව ප්‍රේමදාස පවුලෙන් එළියට ගෙන සජිත්ට එරෙහිව මැද කොළඹ ආසනයෙන් දුලාංජලීව මහ මැතිවරණයට ඉදිරිපත් කිරීමය.

ඒ අනුව තුන්වැනි පාර්ශ්වයක් හරහා ඉතා රහසිගතව දුලාංජලීට පණිවුඩයක් යැවූ රනිල් කියා සිටියේ ප්‍රේමදාස පවුල වෙනුවෙන් එජාපයෙන් මැද කොළඹට ඉදිරිපත් කිරීමට ශක්තිමත් නියෝජනයක් අවශ්‍ය බවත්, ඒ නිසා පක්ෂය වෙනුවෙන් එජාපයෙන් ඊට ඉදිරිපත් වන ලෙසත්ය.
රනිල්ගේ පාර්ශ්වයෙන් මෙම පණිවුඩය ලැබුණු වහා දුලාංජලී කළේ ඒ බව සිය සහෝදරයා වූ සජිත්ටත්, සිය මව වූ හේමාටත් දැනුම් දීමය. එහිදී මේ දෙදෙනාම දුලාංජලීට කියා සිටියේ එක් වරම එම ඉල්ලීම ප්‍රතික්ෂේප නොකරන ලෙසටත්, කිසිදු වෙනසක් නොපෙන්වා එම සංවාදය දිගටම රැගෙන යන ලෙසටත්ය. ඒ අනුව දින කිහිපයක්ම රනිල්ගේ පැත්තෙන් දුලාංජලීටත්, දුලාංජලීගේ පැත්තෙන් රනිල්ටත් පණිවුඩ හුවමාරු වූ ආකාරයක් දැකගත හැකි විය. මෙම පණිවුඩ හුවමාරුව කෙතරම් අපූරුවට සිදුවුණාද කියනවා නම් එක් අවස්ථාවකදී වැඬේ හරි බව රනිල්ගේ ඔළුවට දැනෙන්නට විය. ඒ අනුව රනිල් කළේ එය තමාගේ විශාල ජයග්‍රහණයක් බැවින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකු ඒ පිළිබඳ දැනුවත් කිරීමය. රනිල් ඔවුන්ට ඒ බව දැනුම් දෙමින් කියා සිටියේ “දුලාංජලීගේ වැඬේ හරි” යැයි කියාය.
නමුත් රනිල්ගේ සිහිනය එක්වරම බිඳී ගියේ ඔහුත් නොසිතූ වෙලාවක දුලාංජලීගෙන් ලැබුණු විශේෂ පණිවුඩයත් සමඟය. එම පණීවුඩයෙන් දුලාංජලී රනිල්ට දැනුම්දී තිබුණේ තම පවුලේ සාමාජිකයන් අතර කිසිදු ගැටුමක් නොමැති බවත්, සිය සහෝදරයා වූ සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් තමන් කැපවී කටයුතු කරන බවත්ය. මේ හේතුවෙන් මින් ඉදිරියට තවත් දේශපාලන පණීවුඩ තමන් වෙත නොඑවන ලෙසද දුලාංජලී රනිල්ට අවසන් වශයෙන් දැනුම් දීමටද පියවර ගෙන තිබිණ.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

තොණ්ඩාගේ කුමාරයාගේ රටම බය කරපු කොරෝනා තොණ්ඩුව

Next Post

මහින්ද එෆ්.බී. එකට රිලීස් කරපු අලුත්ම ෆොටෝ එක

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.