සාමාන්‍යයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ රනිල් සැලකෙන්නේ දේශපාලන ගේම් ගැසීමට ශූර කපටියකු ලෙසටය. නමුත් බොහෝ දෙනා කියා සිටින්නේ රනිල් මෙසේ දින ගණන්, සති ගණන් කල්පනා කොට දේශපාලන ගේම් ගැසුවද අවසන් මොහොතේ එම දේශපාලන ගේම් ආපසු කැරකී යන බවය. එසේත් නැත්නම් රනිල්ගේ දේශපාලන අනාවැකි වැල්ලේ තැනූ මාලිගා මෙන් කැඩී බිඳී යන බවකි. ඊට ආසන්නතම උදාහරණය වන්නේ මහ මැතිවරණය කල් ගොස් නාමයෝජනා අවලංගු වනු ඇති බවට සිතා රනිල් ගැසූ දේශපාලන ගේමය.
මේ ආකාරයට නාමයෝජනා අවලංගු වනු ඇතැයි සිතා මීට සති දෙක තුනකට ඉහතදී සිට රනිල් අමුතුම තාලේ දේශපාලන ගේමක් ගැසීමට කටයුතු කළේය. රනිල් එම දේශපාලන ගේම ගැසුවේ මේ වන විට ප්‍රේමදාස පවුල ඇතුළේ කිසියම් මත ගැටුමක් මතුව ඇති බවට ඔහුට ලැබුණු විශ්වාසදායක තොරතුරක් මත පදනම්වය. ඒ අනුව රනිල්ගේ සැලැසුම වී තිබුණේ ප්‍රේමදාස පවුලේ සාමාජිකයකු කඩාගෙන එජාපයට එක්කර ගැනීම හරහා එම පවුල ඇතුළේ පවතිනවා යැයි කියන ගැටුම තවත් උග්‍ර කිරීමටය. ඒ අනුව රනිල් තෝරාගත්තේ සජිත්ගේ නැඟෙනිය වූ දුලාංජලී ප්‍රේමදාසය. රනිල්ගේ අරමුණ වී තිබුණේ දුලාංජලීව ප්‍රේමදාස පවුලෙන් එළියට ගෙන සජිත්ට එරෙහිව මැද කොළඹ ආසනයෙන් දුලාංජලීව මහ මැතිවරණයට ඉදිරිපත් කිරීමය.
ඒ අනුව තුන්වැනි පාර්ශ්වයක් හරහා ඉතා රහසිගතව දුලාංජලීට පණිවුඩයක් යැවූ රනිල් කියා සිටියේ ප්‍රේමදාස පවුල වෙනුවෙන් එජාපයෙන් මැද කොළඹට ඉදිරිපත් කිරීමට ශක්තිමත් නියෝජනයක් අවශ්‍ය බවත්, ඒ නිසා පක්ෂය වෙනුවෙන් එජාපයෙන් ඊට ඉදිරිපත් වන ලෙසත්ය.
රනිල්ගේ පාර්ශ්වයෙන් මෙම පණිවුඩය ලැබුණු වහා දුලාංජලී කළේ ඒ බව සිය සහෝදරයා වූ සජිත්ටත්, සිය මව වූ හේමාටත් දැනුම් දීමය. එහිදී මේ දෙදෙනාම දුලාංජලීට කියා සිටියේ එක් වරම එම ඉල්ලීම ප්‍රතික්ෂේප නොකරන ලෙසටත්, කිසිදු වෙනසක් නොපෙන්වා එම සංවාදය දිගටම රැගෙන යන ලෙසටත්ය. ඒ අනුව දින කිහිපයක්ම රනිල්ගේ පැත්තෙන් දුලාංජලීටත්, දුලාංජලීගේ පැත්තෙන් රනිල්ටත් පණිවුඩ හුවමාරු වූ ආකාරයක් දැකගත හැකි විය. මෙම පණිවුඩ හුවමාරුව කෙතරම් අපූරුවට සිදුවුණාද කියනවා නම් එක් අවස්ථාවකදී වැඬේ හරි බව රනිල්ගේ ඔළුවට දැනෙන්නට විය. ඒ අනුව රනිල් කළේ එය තමාගේ විශාල ජයග්‍රහණයක් බැවින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකු ඒ පිළිබඳ දැනුවත් කිරීමය. රනිල් ඔවුන්ට ඒ බව දැනුම් දෙමින් කියා සිටියේ “දුලාංජලීගේ වැඬේ හරි” යැයි කියාය.
නමුත් රනිල්ගේ සිහිනය එක්වරම බිඳී ගියේ ඔහුත් නොසිතූ වෙලාවක දුලාංජලීගෙන් ලැබුණු විශේෂ පණිවුඩයත් සමඟය. එම පණීවුඩයෙන් දුලාංජලී රනිල්ට දැනුම්දී තිබුණේ තම පවුලේ සාමාජිකයන් අතර කිසිදු ගැටුමක් නොමැති බවත්, සිය සහෝදරයා වූ සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් තමන් කැපවී කටයුතු කරන බවත්ය. මේ හේතුවෙන් මින් ඉදිරියට තවත් දේශපාලන පණීවුඩ තමන් වෙත නොඑවන ලෙසද දුලාංජලී රනිල්ට අවසන් වශයෙන් දැනුම් දීමටද පියවර ගෙන තිබිණ.
කපිල පුංචිමාන්නගේ