අභිමානවත් එක්සත් ජාතික පක්ෂය අද වන විට අලි පොහොට්ටු සන්ධානය බිහිවීමත් සමග බරපතළ ඛේදවාචකයකට ලක්ව ඇති බවත්,අද එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ පවා අභිමානය සුරැකීමේ වගකීම දැන් රැඳී ඇත්තේ සමගි ජන බලවේගයට බවත්, එබැවින් කිසිදු භේදයකින් තොරව සියලු එක්සත් ජාතික පාක්ෂිකයින්ට සමගි ජන බලවේගය සමග එක්වන ලෙස ආරාධනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සියලු එක්සත් ජාතික පාක්ෂිකයන්ට සමගි ජනබලවේගයේ දොරටු විවෘත කොට ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා,රට බංකොලොත් කළ කල්ලියක් සමග එක් නොවන ලෙසත්,මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමා ඇතුළු එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැපවුණු සියලු දෙනාගේ නාමයෙන් ඔරිජිනල් එක්සත් ජාතික පක්ෂය ඇති සමගි ජන බලවේගය සමඟ එක් වන ලෙසත් ලෙස ආරාධනා කළේය.










