ලොා්ක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා වෙසක් දිනයෙහි පහන් 4ක් දල්වමින් ප්‍රාර්ථනාවන් 4ක් සිදු කිරීමට පියවර ගෙන තිබේ.
ඒ, මිහිපිට දෙවිවරුන් වන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙනුවෙන්, අප වෙනුවෙන් වෙහෙසෙන ත්‍රිවිධ හමුදාව සහ පොලීස් කාර්ය මණ්ඩලය වෙනුවෙන්, අපට අත්‍යවශ්‍ය සේවා සපයන සියලූම මනුෂ්‍යන් වෙනුවෙන් සහ රටවාසී, ලෝක වාසී සැමගේ සුවසෙත වෙනුවෙනි.
මේ ඒ සම්බන්ධයෙන් සංගක්කාර තබා තිබූ සටහන සහ වීඩියෝවය.
‘මේ වෙසක් වෙනස් !
රටත් ලෝකයත් වෙනස්!
අපි ආලෝකයෙන් අලෝකයට යමු. අන්ධකාරයට ඉඩ නොතබමු. මේ වෙසක් සතියේ එක් මෙත් සිතුවිල්ලකින් ජීවිත ගණනාවකටම එළිය දෙමු. අපි පහන් හතරක් දල්වා හැම රැයකම මෙත් සිතුවිල්ලක් වඩමු.
1. එක පහනක්, අපේ මිහිපිට දෙවිවරුන් වන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සුරක්ෂාව වෙනුවෙන්.
2. අනෙක පහන, අප වෙනුවෙන් වෙහෙසෙන ත්‍රිවිධ හමුදාව සහ පොලීස් කාර්ය මණ්ඩලය වෙනුවෙන්.
3. තවත් පහනක්, අපට අත්‍යවශ්‍ය සේවා සපයන සියලූම මනුෂ්‍යන් වෙනුවෙන්.
4. සිව් වෙනි පහන රටවාසී, ලෝක වාසී සැමගේ සුවසෙත පතන මෙත් සිතුවිල්ලෙන්.’










