දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මහතාගේ පිළිරුවක් ස්ථාපිත කිරීම සදහා අවශ්‍ය ඉඩකඩ ලබා දීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.
ඒ අනුව කොළඹ නගර සභා සීමාවට අයත් පුස්තකාල පරිශ්‍රයෙන් එම ඉඩකඩ ලබා දීමට තීරණය වී තිබේ.
මේ සදහා අවශ්‍ය කැබිනට් අනුමැතියද හිමිව ඇත.










