• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෂාෆ්ටර් ඝාතනය මහා පටලැවිල්ලක් වෙයි! ෂාෆ්ටර් බැඳ තිබුණු කේබල් ටයිට් සහ ඇන්ටනා වයර් ගේ ඇතුළෙන් අහුවෙයි! පරීක්ෂණ අලුත් පාරකට වැටෙයි! මෙතෙක් සැකකරපු පිරිස අතහරී!

December 26, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
ෂාෆ්ටර් ඝාතනයේ රහස් හෙළිවෙයි! ඝාතකයා විමර්ශන අංශත් නොමඟ යවලා! ළඟම හිටපු කෙනෙක් ගැන සැක මතුවෙයි!
Share on WhatsAppShare on Facebook

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී අබිරහස් ලෙස ඝාතනයට ලක් වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතන විමර්ශනය උඩුයටිකුරු කරමින් මේ මරණය සම්බන්ධයෙන් අලුත් මතයක් ඔස්සේ විර්ශන වෙනත් මඟකට යමින් තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් මෙතෙක් කළ විමර්ශනවල අවසාන ප්‍රගතිය බවට පත්ව ඇත්තේ මෙතෙක් ඔවුන් සැක කළ පුද්ගලයන් අතහැර වෙනත් සිදුවීමකින් මෙම මරණය සිදු වූ බව තහවුරු කිරීමයි.

ඒ අනුව මෙතෙක් මේ ඝාතනයේ සැකය දැඩිව එල්ල වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ සමීපතමයා සැකයෙන් මුදාහැරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් පියවර ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පෙරේදා (24) සවස දිනේෂ් ෂාෆ්ටර් මහතා ජීවත් වූ කොළඹ 7 මල් පාරේ නිවෙසට ගොස් පරීක්ෂාවක් කර ඇත. එහිදී එම නිවෙසේ තිබී දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ගෙල සිර කර තිබුණු ඇන්ටනා වයරයේ ඉතිරි කොටසද, දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දෑත් ගැට ගසා තිබුණු වර්ගයේ කේබල් ටයි කිහිපයක්ද හමු වී ඇති බව ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කණ්ඩායම්වලින් ලැබෙන තොරතුරු සඳහන් කළේය.

ඇන්ටනා වයරය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මවගේ නිවෙසේ රූපවාහිනිය සඳහා යොදා තිබූවක් බව කියයි. කේබල් ටයි 08ක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක් හමු වී ඇති අතර එම කේබල් ටයි හමු වී ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර්ගේ කාමරයේ මේස ලාච්චුවක් තුළ තිබියදීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ මරණය සම්බන්ධයෙන් අලුත් මතය තහවුරු කර ගැනීම සඳහා පශ්චාද් මරණ පරීක්ෂණය සිදු කළ වෛද්‍යවරුන්ගේ මතය විමසා ඇතත් ඔවුන් එය වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් යනුවෙන් ප්‍රකාශ කර ඇති බව අනාවරණය වෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය අලුත් මතය තහවුරු කර ගැනීමට අවශ්‍ය සාක්ෂි මේ වන විට රැස් කරමින් සිටින බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් මේ වන විට සිය සැකය මුළුමනින්ම යොමු කර ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධ අලුත් මතය තහවුරු කර ගැනීම වෙනුවෙනි.

මෙතෙක් සැකයට ලක් වූ සියලු පුද්ගලයන් සැකයෙන් නිදහස් කිරීමටද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන් පියවර ගෙන හමාරය. ව්‍යාපාරික ගනුදෙනුවක් මත හෝ වෙනත් මූල්‍යමය සිදුවීමක් මුල් කරගෙන ඔහුගේ මරණය සිදුව ඇතැයි තහවුරු කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවශ්‍ය සාක්ෂි මේ වන විටත් රැස් කරමින් පවතී. ෂාෆ්ටර් මහතාගේ හා පවුලේ අයගේ මෙන්ම ව්‍යාපාරික හිතවතුන්ගේ බැංකු ගිණුම් පරීක්ෂාවට ලක් කර ඇත්තේද එබැවිනි.

දිනේෂ් ෂාෆ්ටර් මහතාට බොරැල්ල පොදු සුසාන භූමිය නුහුරු තැනක් නොවන බවද මෙහිදී පැහැදිලිවම පෙනී ගොස් ඇත. ඔහුට බොරැල්ල පොදු සුසාන භූමිය නුහුරු තැනක් වී නම් මෝටර් රථය එවැනි තැනක නතර නොකරනු ඇත.

දිනේෂ් ෂාෆ්ටර් මහතා සිය නිවෙසේ සිට එදින සවස 2.06ට පමණ නිවෙසින් පිටත්ව කොළඹ 7 මලලසේකර මාවතේ පිහිටි කෙටි ආහාර අලෙවි ස්ථානයකින් දෙදෙනකුට සෑහෙන කෙටි ආහාරද ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබිණි. එම ආහාර ඔහු විසින් කා ඇති බවද පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී තිබිණි.

දිනේෂ් ෂාෆ්ටර්ගේ දෑත් ගැට ගසා තිබුණු කේබල් ටයි වර්ගය බහුල වශයෙන් මෙරට භාවිත කරන වර්ගයේ එකක් නොවන බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත. එසේම දිනේෂ් ෂාෆ්ටර් මහතා අපරාධයට ගොදුරු වී සිටි මෝටර් රථය අසළින් යම් පුද්ගලයෙකු ගමන් කරන අයුරු කනත්තේ සුළු සේවකයෙකු දැක තිබිණි. එම පුද්ගලයා කවුරුන්ද යන්න කරුණු අනාවරණය වී නැත. එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මතු කර ගත් අලුත් කරුණ අසාමාන්‍ය තත්ත්වයක් බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මේ අතර අධ්‍යක්ෂවරයා සිය නැන්දම්මාට යවන ලද කෙටි පණිවිඩයක් සම්බන්ධව විමර්ශකයන් විසින් අවධානය යොමු කර ඇති අතර මේ වගේ හොඳ දුවෙක් හදලා මට ලබා දුන් අම්මාට බොහොම ස්තූතියි යනුවෙන් එහි දක්වා තිබේ.

සමාගම් කීපයක හිමිකරුවකු වන දිනේෂ් ෂාෆ්ටර් මහතා කරන ලද ව්‍යාපාර කටයුතුවලට රුපියල් කෝටි ගණනාවක් මුදල් ආයෝජනය කළද එකී මුදල් බලාපොරොත්තු වූ පරිදි නැවත ගැනීමට නොහැකි වීමෙන් ඔවුන්ගේ ව්‍යාපාර දිනෙන් දින පාඩු ලබා ඇතැයිද නුවරඑළිය ප්‍රදේශයෙන් මිලදී ගත් රුපියල් කෝටි 300ක් පමණ වටිනා ඉඩමක් පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියට පවරා ගෙන තිබීමත්, යාපනය ප්‍රදේශයේ මන්ත්‍රීවරයකු සම්බන්ධ වී කළ ව්‍යාපාරයකට ආයෝජනය කළ කෝටි 85ක මුදලක් නැවත ඔහු වෙත නොලැබීමත් ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතා වෙත දුන් රුපියල් කෝටි 160ක මුදල සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය සහ තවත් කෝටි ගණනාවක ව්‍යාපාරික ගනුදෙනුවලින් රුපියල් කෝටි 2000ක් පමණ ඔහුට පාඩු වී ඇති බවද පවුලේ සමීපතමයන්ගේ ප්‍රකාශවලින් මේ වන විට අනාවරණය වී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරනු ලැබුවේ මේ ඝාතනය කළේ කුමන හේතුවක් මතද? කුමන ආකාරයකටද? මේ ඝාතනයේ අපේක්ෂාව කුමක්ද? සැලසුම කුමක්ද? ආදි තොරතුරු අනාවරණය කර ගැනීමට මේ ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සිදු කරන බවය.

මේ ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයන්ට අදාළව මේ වන විට පුද්ගලයන් 75 දෙනකුට වැඩි ප්‍රමාණයකින් සාක්ෂි සටහන් කර ගෙන ඇති බවද නිහාල් තල්දූව මහතා කීය. ඒ ඔස්සේ ලැබෙන නව තොරතුරු විශ්ලේෂණය කරමින් සාක්ෂි සොයා යන බවද ඔහු කීය. සාක්ෂි සටහන් කර ගත් අය අතර පවුලේ සාමාජිකයන්ද සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. පවුලේ සාමාජිකයන් සියලු දෙනාම ආවරණය වන පරිදි සාක්ෂි සටහන් කර ගැනීම් සිදු වී තිබෙන බවද නිහාල් තල්දූව මහතා කීය.

එසේ ප්‍රශ්න කිරීමට ලක්වූ අය අතර දිනේෂ් ෂාෆ්ටර්ගේ සහෝදරයන් දෙදෙනාද සහෝදරියකද සිටින්නේය. ඒ අයගෙන් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේපොළ සම්බන්ධයෙන් මෙන්ම ව්‍යාපාර ගනුදෙනු ගැනද බොහෝ තොරතුරු විමසා තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

ඊට අමතරව දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිය ටානි ශමින්ගෙන් බොරැල්ල පොලිසිය මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයකදී ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබුණද නැවත වරක් ඇගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ විවිධ අවස්ථාවලදී ලැබෙන සාක්ෂි සහ ප්‍රශ්නගත අවස්ථාවන් නිරාකරණය කර ගැනීම සඳහාය.

මේ විමර්ශනයේදී ආරක්ෂක කැමරා දර්ශන විශාල පිටිවහලක් වූ බවද නිහාල් තල්දූව මහතා පැවසීය. පුද්ගලික නිවාස සහ ආයතනවලින් ලද එම ආරක්ෂක කැමරා දර්ශන ඉදිරි විමර්ශන සඳහා විශාල සහායක් වූ බවද ඔහු කීය.

මේ අපරාධය සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව දිනේෂ් ෂාෆ්ටර්ගේ දුරකතනයට අමතරව ඔහුගේ බිරිය ටානි ශමින්, දිනේෂ් ෂාෆ්ටර්ගේ මිතුරකු මෙන්ම සේවකයකුද වන ක්‍රිෂ් පෙරේරා, දිනේෂ් ෂාෆ්ටර්ව බොරැල්ල සුසාන භූමියේදී හමුවීමෙන් පසු රෝහලට රැගෙන යෑමට සහාය දුන් සුසාන භූමි සේවකයාගෙන් මෙන්ම ඊට අමතරව දිනේෂ් ෂාෆ්ටර්ගේ කාර්යාලයක කාර්ය සහායකයකුගේද ජංගම දුරකතන අංකයක්ද අධිකරණ නියෝගයකින් ජාල විශ්ලේෂණයකට යොමු කර තිබිණි.

ගයාන් කුමාර වීරසිංහ, බණ්ඩාරගම – බිමල් ජයසිංහ

SendShareShare
Previous Post

පරක්කු වෙලා ආපු රාජ්‍ය ඇමැති අනූප පැස්කුවල්ට බැන්නා කියපු කොරියානු නියෝජිතයා ‘රිවස්’ වෙයි! මම එහෙම එකක් කිව්වේ නෑ කියයි! භාෂා පරිවර්තක වැරැද්දුවේ නෑ කියලත් කියයි! එහෙනම් එදා මොකද්ද මෙයා කිව්වේ! භාෂාව දන්න කෙනෙක් කියන්නකෝ! මෙන්න වීඩියෝ දෙකම තියෙනවා! (VIDEO)

Next Post

නත්තල් වේදිකාවේ සිංදු කියමින් සිටි ජනප්‍රිය ගායක ඉඳුනිල් අන්දරමානට ගල් ගහයි! ‘මට වැදුනු පළවෙනි ගල මේක! බොහොම ස්තූතියි! සුබ නත්තලක්! ලේ පෙරෙන ගමන් හැමෝටම සුබ පතමින් ඉඳුනිල් වේදිකාවෙන් බහී! (VIDEO)

MORE NEWS

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

නීති රකින පොලිස් නිලධාරීන් අතරේ මේ වගේ දැන දැන නීති කඩන OICලාත් ඉන්නවා! I Sri Lanka Latest News

ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News
Exclusive

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

2026 වසර නීතියටම වෙන් කරයි! කිසිම දරුවෙක් මත්ද්‍රව්‍යට ගොදුරු නොවන රටක්! කාටවත් ගැති නොවන ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක්! අනුර නුවරඑළියේදී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට! අපි කිව්වා අනිවාර්යයෙන් කරන්න තීන්දු කළා කියලා! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

Load More
IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

වියට්නාමය, බලීස් සහ මොසැම්බික් යන රටවලට පසුව, වේගයෙන් දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානයට ලංකාව පත්ව තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය...

Read more
‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

නීති රකින පොලිස් නිලධාරීන් අතරේ මේ වගේ දැන දැන නීති කඩන OICලාත් ඉන්නවා! I Sri Lanka Latest News

ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

2026 වසර නීතියටම වෙන් කරයි! කිසිම දරුවෙක් මත්ද්‍රව්‍යට ගොදුරු නොවන රටක්! කාටවත් ගැති නොවන ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක්! අනුර නුවරඑළියේදී! PHOTOS I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට! අපි කිව්වා අනිවාර්යයෙන් කරන්න තීන්දු කළා කියලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.