රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට දියවැඩියා තත්ත්වය සහ හෘදයාබාධ තත්ත්වයක් පවතින බවත්, කොරෝනා රෝගය වැළදීම හේතුවෙන් ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් බරපතළ අනතුරක් මතුව ඇති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.
එමනිසා වහාම ඒ මහතා අයි.ඩී.එච්. රෝහලට රැගෙන එන ලෙසද ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.










