ජුනි 02 දායින් පසු මේ රටේ නීත්‍යනුකූල රජයක් නොමැති බවත්, ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් මෙම තත්ත්වය පැහැදිලි කර ගත යුතු බවත් ජාතික ප්‍රජාත්නත්‍රවාදී පෙරමුණේ ජාතික සංවිධායක සජින් ද වාස් ගුණවර්ධන මහතා අවධාරණය කරයි.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ වනවිට ජුනි 20 වැනි දිනට මහමැතිවරණය පැවැත්විය යුතු බවට දින නියම කළද ජනාධිපතිවරයා පළමුව නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ජුනි 02 දිනට ප්‍රථම නව පාර්ලිමේන්තුව රැස්විය යුතු බවකි.
ඒ අනුව මැතිවරණය පවත්වන තෙක් පවතින භාරකාර ආණ්ඩුවේ නීත්‍යනුකූල භාවය පිළිබද ජුනි 02ට පසු බරපතළ ප්‍රශ්නයක් පැන නගින බවත් ඒ මහතා පෙන්වා දෙයි.










