මෙරට දිගුකාලීන මුදල් නිකුත් කරන්නන්ගෙන් ණය ගෙවීම හැකියාව මත සිදුකරන පුරෝකතන මත ජාත්‍යන්තර ෆිච් ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව CCC කාණ්ඩය දක්වා පහත හෙළා තිබේ.
එම ආයතනය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවට ණය ගෙවීම ඉදිරි කාල සීමාව වඩා අභියෝගාත්මක වනු ඇති බවයි.
එමෙන්ම ඉදිරියේදී මෙරට විදේශ සංචිත තවදුරටත් පහත යනු ඇති බවත් බාහිර ණය ගෙවීම් දැඩි අවදානමක් ඇති බවත් එම ආයතනය පුරෝකතනය කර ඇත.
කෙසේවෙතත් නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය ෆිච් රේටිං ආයතනය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති ශ්‍රේණිගත කිරීම ප්‍රතික්ෂේප කරන බව අවධාරණය කොට ඇත.
ඔවුන් විසින් ශ්‍රේණිගත කිරීම් සිදු කර ඇත්තේ සනාථ නොකළ කරුණු මත පදනම් වූ බවද මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි.
2021 වසර සඳහා රජය විසින් ඉදිරිපත් කරන ලද අයවැය වාර්තාවේ සඳහන් යෝජනාවන් ඔවුන් මෙම ශ්‍රේණිගත කිරීමට සලකා බලා නැතැයිද මුදල් අමාත්‍යංශය චෝදනා කරයි.










